125x125 Ads

පබාගේ සැමියා රැගෙන මර්වින් වන්දනාවේ යයි

අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඔහුගේ අලූත්ම මිතුරාවන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පබාගේ සැමියා සමග ඊයේ පෙරවරුවේ ඉන්දියාවේ  තිරුපති වන්දනාමාන කිරීමට ගොස් තිබෙන බව පැපරාසියාට වාර්තා වේ.

ඇමතිවරයා සමග ඔහුගේ අන්තේවාසිකයින් වන කළුරංජාගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකුද අමල් රෝද්‍රිගෝගේ කණ්ඩායමේ කිහිප දෙනෙකුද මෙම වන්දනා ගමනට එක්වී ඇත.
පැපරාසියාට වාර්තාවන පරිදි ඇමතිවරයා සමග 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තිබේ.

අමාත්‍යවරයා අමල් රොද්‍රිගෝගේ කණ්ඩායමේ සාමාජිකයන් මෙම ගමනට සහභාගී කරවාගෙන ඇත්තේ කළු රංජාගේ ඔත්තු බැලීම සඳහාය. තමා පිළිබදව පැපරාසියාට ඔත්තු දෙන්නේ කළු රංජියා බවට සැකකරන අමාත්‍යවරයා, ඔහු පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙස අමල්ට දැනුම්දී තිබේ. මෙම කණ්ඩායම් දෙකෙහිම ක‍්‍රියාකටයුතු සොයාබැලීම සඳහා අමාත්‍යවරයා විසින් පානදුරේ ඩොනල්ඞ් නැමැත්තාවද මෙම වන්දනාගමනට රැගෙන ගොස් තිබේ.

කළු රංජා සහ අමල් යන දෙදෙනාම ව්‍යාපාරික ජාවාරම්කරුවන් වනඅතර ඔවුන් අමාත්‍යවරයාගේ හිත දිනාගැනීම සඳහා අමාත්‍යවරයා සතුටු කිරීමට දිගහැර වියදම් කරමින් සිටී. අමාත්‍යවරයාට හොද හෝටල් සහ සමාජ ශාලා වෙන්කිරීමට මොවුන් දෙදෙනා අතර තියුනු තරගයක් පවතින බව ඉන්දියාවෙන් වාර්තා වේ.

0 comments:

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7