125x125 Ads

රජය ඩොලරයකට ගෙවන ගණන තවත් වැඩිකරන බව එස්.බී කියයි

පසුගිය දා තම ඡන්ද කොට්ඨාශයවන හගුරන්කෙත ප‍්‍රදේශයේ ජනහමුවක් අමතා ඇති උසස් අධ්‍යාපන අමාත්‍ය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජවේදී ගෞරව උපාධිධාරී එස්.බී. දිසානායක මහතා ‘‘වර්තමාන රජය පැවති රජයන්ට වඩා ගම්බද ජනතාව විවිධ රටවල්වලට ගොස් දුක්මහන්සියෙන් හරිහම්බකොට ලංකාවට එවන සෑම ඩොලරයකටම වැඩි රුපියල් ප‍්‍රමාණයක් ගෙවන බව’’ පවසා තිබේ.

මෙම ජන හමුවේදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති උසස් අධ්‍යාපන ඇමතිවරයා මහින්ද රාජපක්ෂ රජය ඉදිරියේදී ඩොලර් එකකට රුපියල් 130ක් ගෙවීමට කටයුතු කරන බවත්, චන්ද්‍රිකාගේ රජය පැවති සමයේ ඩොලර් එකකට ගෙවනු ලැබුවේ රුපියල් 99 ක් බවත්, එය රනිල්ගේ කාලයේදී තවත් අඩුවූ බවත්, නමුත් ජනතාවට සෑම අතින්ම පහසුකම් සපයාදෙන රාජපක්ෂ රජය රුපියල් 113 සිට රුපියල් 130 දක්වා ඩොලරයකට ගෙවීමට සූදානම් බවත්, නැවතත් වෙනත් රජයක් බලයට පත්කොට එසේ ගෙවන රුපියල් ප‍්‍රමාණය අඩුකර නොගන්නා ලෙසත් හගුරන්කෙත ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මිනිසුන්ව ගොනාට ඇන්ඳවීමේ ආචාර්ය උපාධිය ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා හට ලබාදෙන ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති කන්‍යාරත්න මහතාගෙන් ‘පැපරාසියා’ ඉල්ලා සිටී.

3 comments:

{ දුකා } at: February 15, 2012 at 11:14 AM said...
This comment has been removed by the author.
{ දුකා } at: February 15, 2012 at 11:20 AM said...

පැපා ඔයා ඔහොම කිව්වට අපේ මිනිස්සු හරි බුද්ධිමත් . .

එයාලාට තේරෙනවා ඩොලරයකට ගෙවන ගාන වැවිවෙනවා කියන්නේ රුපියල බාල්දු වෙනවා කියන එක

ඊට පස්සේ අපේ රටේ හැම මගුලම පිටරටවලින් ඩොලර් දීලා ගෙන්වන නිසා වැඩිපුර ඩොලර් ප්‍රමානයක් ඕන වෙන නිසා බඩුවල මිල වෙනවා කියන එක . .

ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමානය වැඩි උනාට පිට රටවලින් නෑදෑයෝ දෙමාපියෝ දූ දරුවෝ කලින් එවපු ඩොලර් ප්‍රමානේ මදි උන්ට තව තව මහන්සි වෙලා ලංකාවේ ඉන්න අයව කන්න බොන්න දීලා ජීවත් කරවන්න වැඩිපුර ඩොලර් එවන්න වෙනවා කියලා අපේ මිනිස්සුන්ට තේරෙනවා . .

හා නෑ කියනවාද?

බලන්න අපේ මිනිස්සු කොටි තරම් නම් බුද්ධිමත්ද . .

Anonymous at: February 15, 2012 at 10:31 PM said...

mae wage hattha deshapalanaya karanawata wada hodai wesa maduwaka pinpi job ekak karanawanam:

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7