ඊයේ (06) ‘පැපරාසියා’ පළකළ ‘‘ජනාධිපතිගෙන් සුනන්ද දේශප‍්‍රියට දුරකථන ඇමතුමක්’’ ප‍්‍රවෘත්තිය මේ වනවිට ලෝකයපුරා ඉතා ජනප‍්‍රිය ප‍්‍රවෘත්තියක් වී ඇති අතර එහිදී ‘පැපරාසියා’ විසින් සඳහන් කළ සුනන්ද දේශප‍්‍රිය විසින් ලියුම් ලියූ කෙහෙළිය රඹුක්වැල්ල, දුමින්ද සිල්වා සහ මහින්ද විජේසේකර යන නම් ලැයිස්තුවට තවත් පුද්ගලයෙක් අද එකතුවී සිටී.
මෙසේ එකතුවී ඇත්තේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඞ් නෂීඞ්ය. ලැයිස්තුවේ සඳහන් අනෙක් අය මෙන් ඔත්පල නොවූවද මාලදිවයින් ජනාධිපතිවරයා අද (07) පස්වරුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ සඳහා හේතුවී ඇත්තේ මාලදිවයින තුළ මේ දිනවල සිදුකෙරෙන මහජන උද්ඝෝෂන හා රාජ්‍ය විරෝධී ක‍්‍රියාකාරකම්ය.
පසුගිය සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සුනන්ද දේශප‍්‍රියට ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි හමුවී ඇති මාලදිවයින් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සුනන්දට අවවාද අනුශාෂනා කළ බවට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ප‍්‍රචාරය කරන ලදි. ඊට පිළිතුරු වශයෙන් සුනන්ද දේශප‍්‍රිය මහතා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ මාලදිවයින් ජනාධිපතිවරයාට තමාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ලියූ ලිපිය ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විකල්ප ජනමාධ්‍යවල පළකරන්නට යෙදුනි.
සුනන්දගේ ලිපි ලැයිස්තුවේ සඳහන් නම්වලින් මීලඟට කෙලවෙන්නේ කාටද යන්න ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි මේ දිනවල සෙවිල්ලෙන් සිටී.
කෙසේ වුවද සිරියාවේ ජනාධිපතිවරයා මෙන් මිනීමරමින් නොසිට ලද ප‍්‍රථම අවස්ථාවේදීම මහජන මතයට හිස නමමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වුනු මාලදිවයින් ජනාධිපතිවරයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ‘පැපරාසියා’ සිය ප‍්‍රණාමය පුදකර සිටී.

1 comments:
Sunanda Deshapriya embezzled the funds of Free Media Movement and disappeared before appearing abroad. Is he going to reimburse that money back from the money he is getting from LTTE?
Post a Comment