125x125 Ads

හොදම රජයේ සේවකයා සම්මානය වික්ටර් අයිවන්ට

‘රාවය’ පුවත්පතට 25 වසරක් පිරීම නිමිත්තෙන් අතිගරු ජනාධිපති මහේන්ද්‍ර පී. රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 28 වන දින පැවැත්වීමට නියමිත සංවත්සර උත්සවයේදී පැවැත්වීමට නියමිත උපහාර පිදීමේ උළෙලේ ‘‘ප‍්‍රශස්ථතම රාජ්‍ය සේවකයා’’ සම්මානය සඳහා ‘රාවය’ පුවත්පතේ කර්තෘ මණ්ඩලය විසින් ඒකමතිකව එම පුවත්පතේම ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතාව තෝරාගෙන ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

මෙම සම්මානය ලබාගැනීම සඳහා වික්ටර් අයිවන් මහතාගේ නම යෝජනා කොට ඇත්තේ අතිගරු ජනාධිපතිවරයා විසිනි. තම මජර පාලනය සමාජගත කිරීම සඳහා විවිධ න්‍යායන් කලින් කලට ගෙනහැර පාමින් පසුගිය වසර 7 තුළ වික්ටර් අයිවන් මහතා කරන ලද සේවය උදෙසා ජනාධිපතිවරයා විසින් අයිවන් මහතාගේ නම ‘‘ප‍්‍රශස්ථතම මාධ්‍යවේදියා’’ සඳහා යෝජනා කළද, ‘රාවය’ කර්තෘ මණ්ඩලයේ සියලූම දෙනාගේ අදහස වී ඇත්තේ වික්ටර් අයිවන් මහතාට මාධ්‍යවේදී සම්මානයට වඩා ‘‘ප‍්‍රශස්ථතම රාජ්‍ය සේවකයා’’ සම්මානය වඩා උචිත බවයි.

ගතවූ පසුගිය 25 වසර තුළ බලය පත්වූ සෑම රාජ්‍ය නායක නායිකාවන් සමග කමින් බොමින්, බැනගනිමින්, ඇරගනිමින්, පොත්ගසමින් වික්ටර් අයිවන් මහතා එකී රජයන්ට සහ පවතින රජයට සිදුකරමින් සිටින සේවාවට ලැබෙන්නාවූ මෙම උපහාරයට ‘පැපරාසියා’ ස්වකීය උත්තමාචාරය පුදකර සිටී.

1 comments:

Anonymous at: February 15, 2012 at 10:16 PM said...

munta thamai kiyanne badagosthara wadiyo kiyala.

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7