දිරාගිය බැල්කනියේ වැටක් නිසා තුන්වන මහලේ සිට තමාට ඇදවැටීමට සිදුවූ බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙල්බර්න් නුවර කෝමෝ හෝටලයට විරුද්ධව පැවරීමට යන නඩුව ‘‘ලැජ්ජාවට සරම උස්සා මුහුණ වසාගැනීමක්’’ බවට පත්වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
අමාත්‍යවරයා සිදුවූ ඇත්තදේ සඟවමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යයන්ට හා තමපවුලේ උදවියට පවසා ඇති සුරංගනා කතාව මත, පවුලේ අයගේ හා යහළුවන්ගේ බලකිරීම මත වන්දි ඉල්ලා මෙල්බර්න් නුවර කෝමෝ හෝටලයට විරුද්ධව තමා නඩු පවරන බව, ජනමාධ්‍ය අමාත්‍යවරයා ඕස්ටේ‍්‍රලියාවේ ජනමාධ්‍යයන්ට පවසා තිබේ. ඊට කදිම පිලිතුරක් දී ඇති කෝමෝ හෝටලයේ පාලනාධිකාරිය පවසා ඇත්තේ ‘‘සිද්ධියේ ඇත්ත නැත්ත පෙන්නුම් කිරීම සඳහා හෝටලයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන්ව ඇති කොටස් උසාවියට ඉදිරිපත් කරන බවයි.’’
මෙයින් මහත් සේ කලබලයට පත්වී ඇති ජනමාධ්‍ය ඇමතිවරයා පසුව පවසා තිබෙන්නේ ‘‘තමා බැල්කනියේ වැටට බරදී ඕනෑවට වඩා පහළට නැමී කෑ ගැසීමට යාමෙන් පය ලිස්සා ඇදවැටුනු බවයි’’ ඇමතිවරයාගේ එම ප‍්‍රකාශයෙන් තුෂ්නිම්භූත වී ඇති පවුලේ උදවියට ඔහු පවසා ඇත්තේ ‘‘තමාට මෙච්චර හොදට සැලකූ හෝටලයට නඩු පැවරීම නොකළ යුතු දෙයක් බවයි.’’
සිදුවී ඇති දෙය විස්තර කරන කෝමෝ හෝටලයේ පාලනාධිකාරිය පවසා සිටින්නේ ‘‘අමාත්‍යවරයාගේ කාමරය ඉදිරිපස විශේෂ ආරක්ෂාවක් යොදාතිබීම හේතුවෙන්, අමාත්‍යවරයා එය මගහැරීමට අල්ලපුකාමරයේ බැල්කනියට මාරුවීමට යාමෙන් මෙම අනතුර සිදුකරගෙන ඇති බවත්, ඊට අදාල සී.සී.ටී.වී කැමරා රූපරාමු හෝටලයේ ආරක්ෂක අංශ සතුව පවතින බවත්ය.’’
Subscribe to:
Post Comments (Atom)






3 comments:
hikiz, honda wede okata.... merenna tibune, wal balla.
Weraddak karanam kata piyagena inna ne thibune. Okata game gode kiyanne R....la Ga....gannawa kiyala.
lokka elu eha dhewata daagana.
Post a Comment