125x125 Ads

‘චිචී බබා’ ‘ගෝඨා බාප්පි’ව දැක්ක පළමු දවස

ඒ මීට වසර හය හතකට පෙර 2005 අවසාන කාලයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. එක්තරා පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ ටී ෂර්ට් එකක් උඩින් දමා රබර් සෙරෙප්පු යුවලක් පැලඳ අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිඳමින් උන්නේය. කිසිදා දැක නැති මේ පුද්ගලයා පිළිබදව කුතුහලයක් රාජපක්ෂ පවුලේ බාලයාවන ‘චිචී බබා’ නොහොත් රෝහිත් රාපක්ෂට ඇති වූ අතර ඔහු තමන් ලඟ සිටි ‘යෝ’ හෙවත් යෝෂිත රාපක්ෂගෙන් සහ ‘කැසිනෝ රොහාන්’ගෙන් අසා සිටියේ ‘‘කවුද බං මේ ඩයල් එක’’ කියාය.

කටකාර ‘චිචී බබා’ගේ වදන් එම පුද්ගලයාට ඇසුනද ඔහු නෑසුනා සේ ඉවතට ඇවිද යද්දි ‘යෝ’ තම මලනුවන්ට පැවසූවේ ‘‘ඔය අපේ තව එක බාප්පා කෙනෙක්. මෑන් ඊයෙපෙරේදා තමයි ඇමරිකාවේ ඉදන් ඡන්ද වැඩවලට ඇවිත් තියෙන්නේ’’ කියාය. ‘‘ආ මෑන්ද අපිට චොක්ලට් එවන ඇමරිකාවේ ඩඞ්ලි බාප්පා කියන්නේ?’’යනුවෙන් ‘යෝ’ ගෙන් විමසා ඇති ‘චිචී’ට ‘යෝ’ පවසා ඇත්තේ ‘‘මම නම හරියට දන්නෑ කොහොම වුනත් මෙයත් අපේ බාප්පා කෙනෙක්’’ කියාය.

අද ලංකාව නොව මුලූ ලෝකයම අදුරන ‘ගෝඨා බාප්පි’ රොහිත් රාජපක්ෂ මුල්වරට දැකගත්තේ ඒ ආකාරයෙනි. නමුත් එදාමෙන් අදටත් ‘චිචී බබා’ගේ මැනියන්වන ශිරන්ති රාජපක්ෂට මෙන් රෝහිත් රාජපක්ෂටත් ගෝඨා බාප්පි අප්සට් ඩයල් එකකි.

3 comments:

Anonymous at: March 23, 2012 at 9:10 AM said...

Kohoma unath mun thundena ara kalakanni mervin, mahinda wijesakarayalage puthunta wada hodai.

Anonymous at: March 23, 2012 at 10:13 PM said...

muge maha amutu penumak netiyenne, balapanko hinawa, mokada umbalata hitenne

Anonymous at: March 24, 2012 at 6:34 AM said...

Mu nikan mee wagee needa? :P :D

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7