ශී‍්‍ර ලංකාවේ අජූව දේශපාලනය පිළිබඳව ලිවීම, කතා කිරීම කෙතරම් පිළිකුල් සහගත වුවත්, අතීතයේ ‘එක පත අනා එකටම කෑ’ මිත‍්‍රයෙකුගේ සංවේගදායී පරිහානිය පිළිබඳව මතු දැක්වෙන සටහන ‘පැපරාසියා’ ලියා තබන්නේ නොලියාම බැරි තැනය.
පසුගිය අපේ‍්‍රල් 19 වැනිදා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍ය ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මැතිතුමා පසුගියදා සිදු වූ පේ‍්‍රමකුමාර් ගුණරත්නම් මහතාගේ පැහැර ගැනීම පිළිබඳව ඉතාම අවඥාවෙන් කියා පෑ කරුණු පිළිබඳව ‘පැපරාසියා’ සිය සාතිශ්‍ය සංවේගය සහ පිළිකුල මෙසේ සටහන් කරනු ලබයි.
ඩලස් ඇමතිතුමාට අනුව, ශී‍්‍ර ලංකා රජය මිනිසාට පමණක් නොව, කැලේ සිටිනා සතා සීපාවාට පවා අනුකම්පා උපදවන රජයකි. මනුස්ස අයිතිවාසිකම් සුරැුකීමෙන් නොනැවතී ඔවුන් මේ වන විට මිනීමරු කිඹුලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවා පෙනී සිටින පරමාදර්ශී රාජ්‍යයකි. මුළු ශිෂ්ඨසම්පන්න ලෝකයම ඔවුන් හා අනුව යමින් මිනීමරු සීපාවන්ට පවා මෙත් වඩා උන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ ශී‍්‍ර ලංකා රජයේ පරමාදර්ශය අනුවය.
මිනීමරු කිඹුලන් ගැන කතා කරන ඩලස් ඇමතිතුමා, ‘අයිස් මංජු’ සහ ‘තෙල් බාලා’ සලකන්නේ මිනීමරු කිඹුලන්ට වඩා අවැදගත් කොටසක් ලෙසය. ගරු ඇමතිතුමා ‘අයිස් මංජු’ සහ ‘තෙල් බාලා’ හැරුනු කොට සඳහන් කරන අනෙක් පුද්ගලයා වන්නේ ‘වෙලේ සුදා’ය. මෙනමින් පුද්ගලයෙකු පාතාලය තුළ නොවූ බව ‘පැපරාසියා’ හොඳින් දනී. සමහර විට මාතර කඹුරුපිටිය පැත්තේ ජීවත් වූ මෙවන් පුද්ගලයෙකු උස්සා ඝාතනය කරන ලද්දේ හෝ පිටරට යවන ලද්දේ ඩලස් ඇමතිතුමා විය හැක.
මීට වසර 20 කට පමණ කලින් ජීවත් වූ ‘¥විල්ලෙන් සැදුනු ලියක්‘ සරණ පාවා ගත් ‘ආදරණීය ඩලස්’ එවක ‘හිරු’ පුවත්පතට ලියූ එකල අතිශය ජනාදරයට පත් වූ ‘ජේ.ආර්.’ නමැති ලිපියෙහි එක් තැනක ලියා සිට්න්නේ, තමාගේ එම ලිපිය කියවීමෙන් අනතුරුව තමා පැහැර ගැනීම සඳහා නිවසට ? මැදියමදී ‘අංක තහඩු නැති’ පැජරෝවක් නොඑවන ලෙස ‘ජේ.ආර්.’ගෙන් අයැද සිටී. ඒ පැහැර ගැනීම් පිළිබඳව එදා ඩලස්ගේ ස්ථාවරයයි.
වසර 20 කට පසුව වුවද ලංකාවේ තත්ත්වය එසේමය. එදා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි අතුරුදහන් වූ මිනිසුන් ගැන පත්තර පිටු පුරා ලියූ අපේ ආදරණීය ඩලස්, අද මිනීමරු රෙජීමයක ‘කිඹුල් ඩලස්’ වී හමාරය. ඒ කිඹුලා අද බුදින්නේ කිරි මැටි නොව, මනුස්ස අයිතිවාසිකම්ය.
එදා 1994 වසරේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සාමාන්‍ය මන්තී‍්‍රවරයෙකුව සිටි ඩලස්, පාර්ලිමේන්තු විවාදයකට සහභාගි වෙමින් පවසා සිටියේ, ‘‘ගූ කප්පරක් කාපු එකාට - පඩ ගඳත් කජ්ජක් දැයි?’’ කියාය. එදා ඩලස් එසේ පැවසුවේ තමාගේ අනාගත දේශපාලන භාවිතාව පිළිබඳව යැයි අද ඔහු කරන කියන දෑ විමසූ විට ‘පැපරාසියා’ට සිතෙයි.
අපගේ ආදරණීය මිත‍්‍ර ඩලස් දහම් කුමාර අලහප්පෙරුම ඒ දිනවල සිහින මැවුවේ, මියගිය අමරසිරි දොඩංගොඩ මහතාගේ නායකත්වයෙන් බිහිවන සර්ව සාධාරණ මනුෂ්‍ය රාජ්‍යයේ කි‍්‍රයාකාරිකයෙකු වෙමින්, ශී‍්‍ර ලංකාව තුළ උත්තරීතර සමාජයක් බිහි කිරීමටය. අවසානයේ අමරසිරි දොඩංගොඩ මහතා මියගියේ, අවලං පාදඩ දේශපාලනඥයෙකු වන මර්වින් සිල්වා වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තුළ කරුණු දක්වා ඔහුව ආරක්‍ෂා කරමිනි.
එදා 1994 මහ මැතිවරණයේදී පත්තර කාරයෙකු ලෙස සරමක් ඇද නිරුවත දෙපයින් මාතර දිස්ති‍්‍රක්කය පුරා ඇවිද ගිය ඩලස්, එකදු පෝස්ටරයක් හෝ නොඅලවා ඡුන්ද 70,000 ක වැඩි ප‍්‍රමාණයක් ලබා ගනිමින් මාතර දිස්ති‍්‍රක්කයේ පළමු වැනියා බවට පත් වූයේ මාතර ජනතාව තුළ නැවුම් හැඟුම් පුබුදුවාලමිනි. කාලයාගේ අවෑමෙන් මාතර ජනතාවගේ එම හැඟුම් හැඟීමක්ම පමණක් විය.
1997 වසරේදී මිනීමරු සුසන්ත පුංචිනිලමේ අතින් ඩලස්ගේ සදාදරණීය මිත‍්‍රයා වන නාලන්ද එල්ලාවල ඝාතනය වූ විට ඩලස් සිය ආදරණීය ගමන් සගයාට උත්තමාචාරය පුද කළේ, සිය පුතුට නාලන්ද යන නම තබමිනි. එහෙත් කාලයාගේ අවෑමෙන් මිනීමරු පුංචිනිලමේ හා ආදරණීය ඩලස් එකම කැබිනට්ටුවේ එක ළඟින් ඇසුරු කරන්නන් බවට පත්විය.
එදා අප ‘ඩලස් - ප‍්‍රදීපා’ සුසංයෝගය දුටුවේ රන් රසේ එක්වීමක් ලෙසයි. අකල් වියෝගයන්ගෙන් සහ අසාධාරණ අකටයුතුකම්වලින් ඉරි තැලී තිබූ අපගේ හදවත්වලට ප‍්‍රදීපාගේ කටහඬ දිවඔසුවක්ම විය. ඇය ‘සත්‍යාංගනා’ ගායනා කරද්දී ඇගේ හඬින් ප‍්‍රමුදිතව වේදිකාවේ පාමුල සිට අප මුව අයා බලා සිටියේ, 1987-89 කාලයේ නන්දා මාලනී ‘පවන’ ගීත ප‍්‍රසංගය සජ්ජායනා කරද්දී ඇති වූ හැඟීමෙන්මය. ඒ සැම දේ මුලාවක්ම මිස අන් කවරක් හෝ නොවේ.
මේ සැම කෙනෙකුගේම සැබෑ වත අපට දර්ශනය වන්නේ ඔවුන්ගේ පසු කි‍්‍රයාකාරකම් තුළිනි. මොවුන් සියලූ දෙනා අපව නිර්දය ආකාරයට රවටා තිබේ. භාවාතිශ්‍ය හැඟීම්වලින් අපව මෝහනය කොට මොවුන් සියලූ දෙනා අපගේ මුදල් පසුම්බිය පැහැර ගෙන තිබේ. එක් අතකට කොළඹ බස් රථයක පික්පොකට් ගසන්නා මේ අයට වඩා සදාචාරාත්මකය. කුහකත්වයකින් තොරය.
එදා සිටි‘ආදරණීය ඩලස්’ රූපාන්තරණය වී අද ‘කිඹුල් ඩලස්’ වී තිබේ. මනුස්සකම නැව් නැඟ ගිය කොළොම්තොටේ අද රජ වී සිටින අමනයින් අතර ඩලස්ද ප‍්‍රබල චරිතයකි. වර්ෂ 1505 සිට අද දක්වා හුදී ජනයන් වන අප වසර 500 කට වැඩි කාලයක් ‘ඉඟුරු දී - මිරිස් ගැනීමේ’ සම්ප‍්‍රදායම අනුගමනය කරමින් සිටින්නෙමු.
Subscribe to:
Post Comments (Atom)






12 comments:
මේ ලියල තියෙන ටික නම් සම්පූර්නයෙන්ම ඈත්ත. මම හිතගෙන හිටියේ මෙ සයිට් එක නිකන් මඩ ගොඩක් කියලා. නමුත් මට දෑන් තේරෙනවා ඔයලගේ දෑක්ම.ඔය විදිහටම තමයි මමත් ඩලස් ගෑන හිතන්නේ.
ලන්කවෙ මුන්ව හදන්න බෑරි නිසා මුන්ව නිර්දය ලෙස විවේච්නය කරනවා හෑර කුමක් කරන්නද?
Paparasi News kiyanne mada gahana ekak neme hamadema hodata hoyala balala aththa dewal danne kiyala Danno Danithi.
great article.i am also thought early, they are genuine persons(Dalas @ Pradeepa)under the Mahinda Rajapaksha's government they destroyed their confidence themself.sri lankan politics like this.every persons are cheating people like this.sad situation.
මේවා ඈත්තටම පුදුම වෙන්න ඔනේ නෑ.මේවා සමාන්යෙන් මිනිස් ගති.අතීතයේ ඉන්දන්ම මිනිස්සුන්ගෙ (උපතින් එන ) මේ මුදලට සහ බලයට තියෙන කෑදර කම තියෙන දෙයක්.
බලන්න ඉතිහසෙ ඉන්දන්ම ලන්කාව. ජේ.ආර්. බලයට ආවේ බොහොම උගතෙක් ලෙසින්. නමුත් අවසනේ ගියෙ ලන්කාවට කිසි දවසක ගෑලවෙන්න බෑරි උගුල් ගොඩක දාල.ප්‍රේමදාස දුප්පතගෙ හිතවතා.ඒත් එයාට එයාවවත් පලනයකරගන්න බෑරි වුනා අවසනෙ.සිරිමවෝ මොනවද කලෙ? චන්ද්‍රිකා විජෙගෙ මරනෙ අනුකම්පව අරගෙන මොනවද රටට කලෙ?මහින්ද එනකොට මිනිස්සු කිවුවේ "සපුමල් කුමරයා "කියල. එයා මිහින්දු හමුදුරුවන්ටත් වඩා ලොකු වුන.කවුරු කලාද දන්නෙ නෑ(මහින්දද, ෆොන්සේකද කියලා හොයන්න බෑ)නමුත් යුද්දේ නම් ඉවර වුනා. එක ලොකුම දෙයක් නමුත් දෑන් රාජපක්ශලා ලන්කවට පිලිකාවක් වෙලා. මම හිතන්නෙ මේවා සේරටම වග කියන්නෙ ඔනේ චන්ද දායකයො.
මම සිංහලයෙක්, මම දැනට ඉන්නේ පිටරටක. මම ලෝකෙ රටවල් ගණනාවක මිනිස්සු ආශ්‍රය කරලා, කතා බහ කරලා තියෙනවා, කියන්න ලජ්ජි සිංහල මිනිස්සු තරම් පහත ගති තියෙන කිසිම ජාතියක් දැකල නෑ.....
Well done. It is 100% true. You did a very good job. Keep it up.
mamath honda sinhala, inne pitarata. eth lankawe tharan thama ratata drohi kan karan jathiyak mamanam thama dakke neee. thawa ekekuge kakulen adinna thiyenawanam iieta wada deyak ne ape rate ewunta. okkotama mula erisiyawa thamai...
me kalakanni DALAS ge mail address eka kagewat laga tiayanavada
me dalas wage para ballo parimentuwata yawana lankawe inna harakunta hoda padamak.
well done thanks
අපිත් ජීවත් වෙන්නෙ බටහිර රටක ලන්කාවෙ මිනිස්සු ගැන නම් කියන්න ලජ්ජය්.මේ රටවල් දවස ගානෙ ඉදිරියට යද්දි අපේ රට පිරිහෙනවා.මිනිස්සු ඒත් නිදි.
dallas used to be a very good person...he had so much trouble form chandrika government.didnt make a cent from polictics.he actually left politics for a while.then came back totally different person...money/power hungry ..i dont know what happened...he will regret oneday.because people from matara used to love his work..
this is for u dullas.i know u very well.the hard time u went thru because of mangala...u can still come back/be the same person as before..then u will be the king in matara...
Post a Comment