125x125 Ads

පතිරූප දේශයක නන්දාවන් ගයන ‘‘ශ්වේත රාති‍්‍රය’’

‘හෙළයේ ගීත කෝකිලාවිය’ නොඑසේ නම් ‘ජාතියේ යශෝරාවය’ වැනි වූ විවිධ විරුදාවලීන්ගෙන් පිදුම් ලද මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා නොහොත් නන්දා මාලනියගේ තීර්ථ වූ ගී යාත‍්‍රාව, 1960 දශකයේ මුල් භාගයෙන් ඇරඹී මේ වන විට අඩසිය වසක් ඉක්මවා හමාරය. ‘‘බුදු සාදු මම සමන් මලක් වෙන්නම්’’ ගීතයෙන් හෙළ ගී ක්‍ෂෙත‍්‍රයට අවතීර්ණ වූ නන්දාවන් පස් දශකයක් තිස්සේ හෙළ ගීතයට විවිධ අරුත් සහ මානයන් සම්පාදනය කරමින් ශී‍්‍ර ලාංකේය ගීත ක්‍ෂෙත‍්‍රය පෝෂණය කිරීමට කළ කාර්යභාරය කිසිවිටෙක අවතක්සේරු කළ නොහැක.

1970 දශකයේ මුල් භාගයේ ‘ශ‍්‍රවණ ආරාධනා’ ගී ප‍්‍රසංගය ගායනා කරමින් එකල පැවැති සමාජ සංස්ථාවන් සහ සම්ප‍්‍රදායන් යම් ප‍්‍රශ්න කිරීමකට ලක් කරන ලද්දේ ‘‘මිරිවැඩි සඟලක් ඉල්ලා ඇඬුවෙමි - පා යුග නැති ඔබ දකින තුරා’’ වැනි ගීත තුළිනි. ‘ශ‍්‍රවණ ආරාධනා’ තුළින් ඇරඹි එකී සමාජ විරෝධාකල්ප ගායනයේ තීරණාත්මක කඩඉමක් වූයේ ඇය විසින් 1980 දශකයේ මුල් භාගයේ ඉදිරිපත් කළ ඇගේ දෙවන ගීත ප‍්‍රසංගය වන ‘සත්‍යයේ ගීතය’යි.

මෙම ගීත ප‍්‍රසංගයට සමගාමීව ඇය විසින් 1982 වසරේ නිකුත් කරන්නට යෙදුනු ‘පහන් කන්ද’ කැසට් පටය, 1983 වසරේ නිකුත් කරන්නට යෙදුනු ‘යාත‍්‍රා’ කැසට් පටය සහ 1985 වසරේ නිකුත් කරන්නට යෙදුනු ‘හේමන්තයේදී’ කැසට් පට මගින් එවක පැවැති මර්ධනකාරී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සමාජ සංස්ථාවන් පිළිබඳව ගීතයට ආවේණික වූ සීමාවන් සමතික‍්‍රමණය කරමින් සමාජ විරෝධාකල්ප සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමක් විය.

එම අවදියේ සම්මුඛ සාකච්ඡාවකදී පිළිතුරු දෙමින් නන්දාවන් පවසා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණේ ‘විමුක්ති ගී’ සහ තම සමාජ විරෝධාකල්ප ගීතයන්හි ඇති එකම වෙනස තමන්ගේ ගීතවල ඇති සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම බවත්, විමුක්ති ගී තුළින් ශ‍්‍රාවකයාට අණ කිරීමක් සිදු වුව තමන්ගේ ගීවලින් සිදු කෙරෙනුයේ ශ‍්‍රාවකයා ඥානනය කිරීමක් බවයි. 

නන්දාවන්ගේ මෙම සමාජ විරෝධාකල්ප ගායනයේ කූඨ ප‍්‍රාප්තිය ඇය විසින් ‘සත්‍යයේ ගීතය’ නිමා කරමින් 1987 වසරේ ජූනි මස එළිදක්වන්නට යෙදුනු ‘පවන’ විරෝධාකල්ප ගී ප‍්‍රසංගයයි. එදා 1987 - 90 බියකරු ධවල භීෂණ සමයේ ‘පවන’ ගී ප‍්‍රසංගයේ දොරකඩ අස්නෙහි නන්දාවන් ගැයූවේ,

    ‘නැත අපට ප‍්‍රතිරූප දේශයක්
    විඳින්නට අති පවර රස භාව
    පෙදෙහි රස හව් විඳුන
    ජනයිනේ වනු සමා
    ඔබ සවන් පිනවන්න
    සමත් ගී දුලබ නම්......

    කලා මර්යාධා විඳින්නට විනම් මට
    බිඳ හළෙමි සැහැසි ලෙස
    චණ්ඩ මැරවරියක්ව
    යළි කියමි නැත අපට
    භද්‍ර වූ දේශයක් - භද්‍ර වූ කාලයක් - රාජ්‍යයක්......

    අනන්ත වූ දුකින් වුව
    අතැර කව් රස භාව
    ගයන්නට ලද හඬින්
    කියා සැඩ පරුෂ වැකි
    අප මැරුණු කල අපේ දරුවනේ
    ගයව් තෙපි වැස භද්‍ර දේශයක - රාජ්‍යයක
    අප වෙතින් පළා ගිය මධුර ගී......’ කියාය.

එදා 1987 - 1990 භීෂණ සමයේ භද්‍ර යෞවනයන් වූ ‘පැපරාසි’ කණ්ඩායමේ සාමාජිකයන් හට නන්දා මාලනිය සත්‍යයේ ප‍්‍රතිමූර්තියක් බඳු විය. පරමාදර්ශී චරිතයක් විය. ඇගේ හඬින් වශීකෘත වූ එකල යෞවනයන් වූ අප දෑස් නොසෙල්වා, මුව අයා කැඩුනු පුටු කබල් මත සීරුවෙන් හිඳගෙන බලා උන්නේ,

    සඳ එළිය ගඟක් වී
    මා නුවන් ඉවුරේ
    හැපී පෙන පිඩු නඟයි
    අනේ අපි කවදාක
    පීනමුද ඒ ගගේ.....
   
    කිරි සිහින සඳක් වී
    මා නුවන් අඹරේ
    සිනා සී අත වනයි
    අනේ අපි කවදාක
    ඇවිදිමුද ඒ සඳේ.....

භද්‍ර යෞවනයන්ගේ හැට දහසක් මිනී කඳු මතින් ඒ කිරි සිහින බොඳ වී යද්දී නන්දා මාලනිය හා සුනිල් ආරියරත්නයන් සිය ජීවිත ආරක්‍ෂාව පතා එතරකට පළා ගියහ. සුසානයක් වූ දේශයක නීවි යන දුම් රොටු අතරින් නන්දාවන් 1991 වසරේදී ‘පෙම්බර් ලංකා’ ගී සමුච්චය ගායනා කළාය. එහිදී වුව තම අනම්‍ය වූ හඬ අරගලය තුළ තවදුරටත් ඈ රඳවා ගත්තේ ‘තටු බිඳෙයි ලේ ගලයි ඒත් අපි පියාඹමු පැටවුනේ’ සහ ‘හොරු ගෙට පැන අඳුරු රැයේ පුතු කොතැනද රැගෙන ගියේ’ වැනි ගීත තුළින්ය. නමුත් මෙම ගීත සමුච්චය තුළ ඇයගේ දේශපාලනික ප‍්‍රතිවිරෝධතාවය ඉස්මතු වූ අවස්ථාවක් වූයේ පවනේදී ඈ ගැයූ ‘කතරගමින් පිටමං වී යනු මුරුගා’ යනුවෙන් කතරගම දෙවියන්ට අණ කළ ඈ වසර කිහිපයකට පසු ‘කතරගමේ දෙවොල් බිමේ පහන් තරුව දිලෙන රැයක’ ගීතය තුළිනි.

‘අරලිය ලන්ද’ ගී එකතුව තුළින් 90 දශකයේ මැද භාගයේ තවදුරටත් විරෝධාකල්ප ගායනයේ යෙදුනු නන්දාවෝ ඉන් අනතුරුව එකී මාර්ගයෙන් ක‍්‍රමක‍්‍රමයෙන් ඉවත් වෙමින් 2005 වන විට සම්පූර්ණයෙන්ම ඉන් ඉවත් වූ අතර, අද ඈ ගයන්නේ,

    ‘විසිතුරුය ? අහස
    පියකරුය ගඟ දෙපස
    මලයගිරි හිසින් එන
    සුදු සඳුන් දියෙහි හෙව
    අහෝ අපි විඳිමු මේ
    රමණීය ජීවිතය’ කියාය.
   
2005 වසරේ එළිදක්වන්නට යෙදුනු නන්දාගේ ‘අඬහැරය’ ගී සමුච්චයේදී ඈ ප‍්‍රශ්නාර්ථයක් නඟන්නේ,
   
    ‘මොනවා කරමුද අපි
    හඬමුද? සිනාසෙමුද?
    කා හට කියමුද අපි
    ගැටෙමුද පළා යමුද?’ කියාය.

අද වන විට නන්දා සහ සුනිල් පැහැදිලිවම ගැටීම ඉවතලා පළා ගොස් තිබේ. දෙමළාගේ ලේ මතින් දික්විජය කළ ‘නිලම්බරේ සුදු පරෙවි රැන් යන දිනය’ ඔවුන්ට උදා වී තිබේ. ප‍්‍රභාකරන්ගේ ඔලූව දෙපළු කරමින් නන්දිකඩාල් විජයග‍්‍රහණය ලැබූ 2009 වසරේ වෙසක් මස නන්දා මාලනිය යුද ජයග‍්‍රහණය සැමරීම සඳහා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ ආරාධනයෙන් ‘සිව් මහ බඹුන්’ හෙළ බිමට තිළිණය කළ ‘මහරජතුමාගේ’ යුද ජයග‍්‍රහණ වේදිකාවට ගොඩ වූයේ ‘උතුරේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා’ ගීතය වචන ගොඩක් මිස වෙනකක් නොවන බව සියල්ලන්ටම පසක් කරමිනි.

අද නන්දා මාලනී විසිතුරු රැ අහස යට ‘ශ්වේත රාති‍්‍රය’ ගායනා කරද්දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන් ‘කුසපබා’ සිනමාවට නඟයි.

අතුරුදන් වූ ප‍්‍රගීත් එක්නැලිගොඩගේ දරුවන් ඉස්කෝලේ පොත් බෑග් පිටින් කොළඹ වටරවුම්වල අතුරුදන් වූ තාත්තා සොයා දෙන ලෙස ඉල්ලමින් අල්ලාගෙන සිටින බෝඞ් ලෑලි ඔවුන්ට නොපෙනේ. තවමත් එදා සිට අඛණ්ඩවම සිදු වෙමින් පවතින උතුරේ - දකුණේ අතුරුදන්වූවන්ගේ මාපියන්, බිරියන්, දූ පුතුන් නඟන අදෝනා ඔවුන්ට නොඇසේ. ‘ශ්වේත රාති‍්‍රයේ’ මරණය රැගෙන ඔබ මොබ සරණ ‘සුදු වෑන්’ පිළිබඳ ඔවුන් අන්ධය. ‘සුදු වෑන්’ මගින් අතුරුදන් වන එකා දෙමළෙකි. එසේ නැතිනම් කුඩු කාරයෙකි. ඔවුන් භද්‍ර වූ දේශයකට වින කටින්නන්ය. එසේ හෙයින් ඔවුන් විනාශ කිරීම යුක්ති යුක්ත බව නන්දාවන් සහ සුනිලූන් සිතා සිටිනවා විය හැක.

අප මෙවැනි ලිපියක් ලතා වල්පොළට හෝ ඇන්ජලීන් ගුණතිලකට හෝ සුජාතා අත්තනායකට නොලියමු. අජන්තා රණසිංහට නොලියමු. ප‍්‍රනීත් අබේසුන්දරට පවා නොලියන්නේ ඔවුන් ජීවිතයේ කවර කලකවත් ප‍්‍රගතිශීලී වෙස් මුහුණු නොබැඳ යථාර්ථවාදී ස්වරූපයෙන්ම ‘කලාව කලාව සඳහාමය’ යන න්‍යායේ පිහිටා කටයුතු කළ වුන් නිසාවෙනි. 

නන්දාගේ සහ සුනිල්ගේ මේ දෙබිඩි පිළිවෙත හෙළිදරව් කළ යුතු කාලය දැන් එළැඹ ඇති බව ‘පැපරාසියා’ට හැඟී යන්නේ, ඔවුන්ගේ වාණිජ පරමාර්ථ පිළිබඳ යථාර්ථය අවුරුදු විසි ගණනකට පසුව තේරුම් ගොස් ඇති බැවිනි.

සංගීත විශාරද නන්දා මාලිනියට හෝ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට කවර කලකවත් කිසිදු පැහැදිලි දේශපාලන දැක්මක් නොවූ බව මේ වන විට සක්සුදක් සේ පැහැදිලි කරුණකි. ඔවුන් ඉතිහාසයේ කරන ලද්දේ ‘වැල යන අතට මැස්ස ගසා මඬිය තර කර ගැනීම’ පමණක් බව දැඩි වේදනාවෙන් යුතුව වුවද හෙළි කළ යුතුව ඇත.

නමුත් මෙහිදී වෙසෙසා දැක්විය යුතු ප‍්‍රධාන කරුණ වන්නේ, සමාජ විරෝධාකල්ප ගීතයනට නන්දා - සුනිල්ගෙන් තොරව වුවද ශී‍්‍ර ලාංකේය සමාජය තුළ අඛණ්ඩ අවිඡ්චින්න පැවැත්මක් ඇති බවය. අවසාන වශයෙන් ‘පැපරාසියා’ට නන්දාට පැවසීමට ඇත්තේ,

    ‘ඔබ හට පෙම් කළ යුගය නිමා කොට
    ඇත්ත කියන්නට දවස පැමිණ ඇත
    සමාව දෙන් මට සෙනෙහෙ සිතින්’ කියාය.....

11 comments:

Anonymous at: May 8, 2012 at 7:09 AM said...

You are very correct, what Nanada Malini did was fishing in troubled water. She was earning her buck by singing those songs and nothing else. Well we could say that they did their duties at least for some time. The million dollar question is "is there anybody among the younger generation to replace them?"
Manushya

Anonymous at: May 8, 2012 at 2:40 PM said...

තනි මිනිසෙකුට තනිව යා හැකි දුරක් ඇත.. එකා වන්ව එකට සිටි සගයන් ධනේශ්වර පංතියේ ඉදුල් වලට ලොබ බැද, පාලක පන්තියේ ගුණ ගායනා කරද්දී සහ තමා හා එක්ව සටන් කල සගයන්ටම විරැද්ධව ක්රියාත්මක වන අවදියක නනදා මාලිනිය මෙසේ විවේචනය කිරීම උතුම් කාර්යයක් නොවෙයි පැපෝ.. ඇය තමාගේ සියලු කාර්යයන්ගෙන් වෙහෙසට පත්ව ඇති අතර මිනිසෙකුගේ පැවැත්මට අවශ්‍ය අවම සාධක හෝ සපුරා ගැනීමට දෙයක් කරනේනේ නම් එය වැරැද්දක් විය නොහැකිය. අදටත් නන්දා මාලිනිය මුදල් පසු පස හඹා නොයන බව අප දනිමු. පාලක පංතිය හා එක්ව ඔවු‌න්ගේ ගුණ ගායනා කිරීම සිදු නොකරන අතර ජනතාව පීඩාවට පත් නොකරන බවද අප හොදාකාරවම දනිමු.. ඇය සරල දිවි පැවැත්මක් ගෙවන අතර, පවතින ක්රමය ගැන ‌සේම ඒ සදහා කිසිවක් ‌කල නොහැකි වීම ගැනද ඇය කණගාටු වනු ඇති බව මගේ මතයයි.. 80 දශකය පිළිබද පැහැදිලි මතකයක් මට නැත.. එහෙත් මා දන්නා තරමින් නන්දා මාලිනිය හැරෙන්නට මෙවැනි විරෝධාකල්ප ගී ගැයූ කිසිවෙක් නැත.

සුනිල් ආරියරත්නයන්හට ඒ කිසිවක් අදාල නොවන අතර ඔහු කලේ බොරදියේ මාලු බෑමක් යයි දැන් පැහැදිලිය.. එහිදී ඔබේ විවේචනයන් නිවැරදිය. අපත් සුනිල් ආරියරත්නත් අතර සිටි අතරමැදියා නන්දා මාලිනියයි. එදා ඔබට අසන්නට අවැසි දේ නන්දා මාලිනයට කියන්නට අවැසි දේම විය.. ඔබත් මමත් නන්දා මාලිනයත් සිටින්නේ එකම තැනකය.

නුවන්

Anonymous at: May 8, 2012 at 2:58 PM said...

http://www.lankacnews.com/sinhala/news/58794/
pepa may kiyanne kaa genadha???kawuda may niliya

Anonymous at: May 8, 2012 at 2:59 PM said...

නුවන් සමග එකඟ වෙමි - ස්තුතියි නුවන්

Anonymous at: May 9, 2012 at 4:19 AM said...

අපි අද මේ ගෙවන්නේ ප්‍රතිරූප කියන ඒවා සුනු විසුනු වෙලා යන යුගයක. කාලයක් ප්‍රගතිශීලියෝ විදිහට ජනතාව අතර වීරයෝ උන කලාකාරයෝ බොහොම දෙනෙක් අද දේශපාලකයන්ගේ කකුල් ලෙව කන බලු කුක්කෝ වෙලා ඉවරයි.නන්ද මාලිනි ගේ සිට ජැක්සන් ඇන්තනි දක්වා මෙය පොදුයි.හැබැයි නන්දා සහ සුනිල් ජැක්සන් ලා වගේ හෙළුවෙන් කඩේ යන්නෙත් නැහැ.වල යන අතට මැස්ස ගහගෙන ඉන්නවා.

Anonymous at: May 9, 2012 at 3:37 PM said...

86-88 කාලේ මේගොල්ලන්ගේ සින්දු අහලා ෆෝම් වෙලා කොල්ලෝ ටයර් වග ගියා. ‍මේගොල්ලෝ අදත් යස ‍අගේට ඉන්නවා

Anonymous at: May 9, 2012 at 7:12 PM said...

nuwan ekaga wemi.

Anonymous at: May 9, 2012 at 10:02 PM said...

Agreed 100%. All these so-called "heroes of yesteryear" are just lap dogs of Maha Raja now. Unless some brave people come out and kick out this family of bastards soon, sri lanka is irrecoverably going down the drain!

Anonymous at: May 10, 2012 at 12:10 PM said...

Please don't hurt Nanda maliki,She also another single person in this crazy island and she can't fight her alone during her old age.She used her sound more than she can .She never earn any cent like most artist do...Having a pure name ..Anytime we can respect her like a Sri lankan mother.If she get a good support she will start again,but good support is ....?Sunil sir is not such a strong person in 5this duration.We kindly request you both to back with another proper way..

Shabir at: May 10, 2012 at 2:50 PM said...

Very well written Papa, please expose these kind of people like Nanda and Sunil. You know, I remember those days she sang song about "Abudhabiyadi" about the troubles faced by our poor house-maids in UAE it was against UAE but then couple of times she visite UAE to sing songs and earn money again paid by those poor house maids? what DUPLICITY?

Anonymous at: May 14, 2012 at 4:15 PM said...

I have immense respect for Nanda Malini as a singer & I appreciate her beautiful voice & undoubtedly she is one of the best singers that SL will ever see. However that is where my respect & appreciation for her ends. I do not respect her as a human being nor appreciate her. She is a hypocrite, she created a pristine clean image for her self, which she marketed perfectly well. She has earned millions through her double life. People criticize Latha Walpola for living in with Jothipala, but Nanda Malini started living in with Sunil Ariyarathne way before Latha even imagined doing so. However people choose to criticize Latha, because she never built a pristine image for herself, just because she wears loads of make up and colourful clothing, she is called a slut but Nanda Malini is never criticized because of her image. Please she is the biggest hypocrite this country ever so. She has done nothing for charity, nothing for the poor or downtrodden in this country, she sang songs about the "revoloutions" as it was the best marketing method at that time. But I still love her dearly as a singer.

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7