125x125 Ads

ඇමැති නිමල් සිරිපාල ගැන ජනාධිපතිට ඔත්තුවක් !

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල සිදු කරමින් සිටින ප‍්‍රධානතම කාර්යය වන්නේ තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ අල්ලස් හා දූෂණ කි‍්‍රයා පිළිබඳව කරුණු එක්රැස් කිරීමයි. ජනාධිපතිවරයා එසේ කරන්නේ රටේ යහපත සඳහා නොව, සියලූම කරුණු දැනගෙන අදාළ ඇමතිවරයා තමාට මෙල්ල කර ගැනීමටයි. තාමත් ජනාධිපතිතුමාට හරියාකාරව මෙල්ල කර ගැනීමට බැරි වූ ඇමති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති හා සමානවම විශාල මුදලක් හරි හම්බ කර ගත්තේ කෙසේදැයි ‘පැපරාසියා’ අද හෙළිදරව් කරන්නෙමු.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය ඇමතිව සිටි සමයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු ටෙන්ඩර් ප‍්‍රතිපත්තියක් උල්ලංඝනය නොකරන ලද අතර, කිසිදු සැපයුම්කාර සමාගමකට විශේෂ වරප‍්‍රසාද ලබා නොදී ‘මිස්ටර් ක්ලීන්’ ආකාරයෙන් වැඩ කළ අයෙකි. එය මතුපිට තත්ත්වයයි. ගේම යන්නේ යටිනි. එම ගේම පිළිබඳව කිසිදු ජනමාධ්‍යයකට සුළඟක්වත් නොදැනීමට තරම් පරිස්සම් සහගතව කි‍්‍රයා කිරීමට ඇමති නිමල් සිරිපාලට හැක්කේ ඔහු සටකපට පෙරකදෝරුවෙක් බැවිනි.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා කි‍්‍රයා කරන්නේ පහත ආකාරයටය.

පළමුව යම් බෙහෙත් ද්‍රව්‍ය හෝ උපකරණ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට ටෙන්ඩර් කැඳවනු ලබයි. එය ඉතා විවෘතව සිදු කරන්නකි. එම ඉල්ලූම්කරුවන් අතරින් සමාගම 04 ක් 05 ක් ‘ෂෝට් ලිස්ට්’ කරනු ලබන අතර, ගේම පටන් ගන්නේ එතැනින්ය.

මෙසේ ‘ෂෝට් ලිස්ට්’ කරනු ලබන සමාගම් සියල්ලේම නියෝජිතයන් ඇමතිවරයා වෙන වෙනම හමුවෙයි. එම හමුවේදී ඔහු පවසන්නේ ඔවුන්ගේ සමාගමට ටෙන්ඩරය ලබාදීමට හැකි බවත්, එසේ කළහොත්, තමාට ටෙන්ඩර් මුදලින් 5% ත් 10% ත් අතර ප‍්‍රතිශතයක් අවශ්‍ය බවත්, එම මුදල ‘පලාවූ’ දූපත්හි ‘මැක්රෝනීෂියා’හි පිහිටි යම් විදේශ ගිණුමකට බැර කරන ලෙස දන්වා අදාළ බැංකු අංකය පමණක් සැපයුම්කරුවන්ට ලබාදෙයි.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා මෙම ‘මැක්රෝනීෂියා’හි බැංකු තෝරා ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් වැඩිපුරම ‘ස්විස්’ බැංකු තෝරා ගන්නා නිසාය. ‘මැක්රෝනීෂියා’ බැංකුත් කි‍්‍රයාත්මක වන්නේ ‘ස්විස්’ බැංකු ආකාරයටමය. ‘පලාවු’ දූපත් පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර ‘වනවටු’ දූපත්වලට ආසන්නවය. මෙම ‘මැක්රෝනීෂියා’ බැංකු පිළිබඳව දන්නේ ශී‍්‍ර ලංකාවේ දේශපාලනඥයින්ගෙන් ඉතා සුළු පිරිසකි.

සියලූම ‘ෂෝට් ලිස්ටඞ්’ සැපයුම්කරුවන්ට මෙසේ ‘මැක්රෝනීෂියා’ බැංකු අංකය ලබාදෙන ඇමති නිමල් සිරිපාල, කිසිදු ටෙන්ඩර් ප‍්‍රතිපත්තියක් උල්ලංඝනය නොකර පැත්තකට වී බලා සිටී. සැපයුම්කරුවන් සිතන්නේ ඇමතිතුමා ඔවුන්ට ෆුල් සපෝර්ට් කියාය. ඔවුන් එකිනෙකා එය රහසක් වශයෙන් තබා ගනී. අවසානයේ නියමාකාරයට අඩු මිල දක්වා ඇති සැපයුම්කරුට ටෙන්ඩරය ලැබේ. කිිසිදු ටෙන්ඩර් ප‍්‍රතිපත්තියක් උල්ලංඝනය වී නොමැත. නමුත් ටෙන්ඩරය ලබාගත් ටෙන්ඩර්කරු සිතන්නේ ඇමතිතුමාගේ පිහිටෙන් තමන්ට එය ලැබුනු බවය.

ටෙන්ඩරය ලබා ගැනීමෙන් පසු ටෙන්ඩරය ලබාගත් සමාගමේ පළමුවැනි කාර්යභාරය ඇමතිතුමාට පොරොන්දු වූ ඔහුගේ කොමිස් මුදල ‘මැක්රෝනීෂියා’ බැංකුවට බැර කිරීමයි.  ඊළඟ සුමානයේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා විවේකයක් ගත කිරීම සඳහා ‘පලාවු’ දිවයින බලා පිටත්වේ. ඇමතිතුමා යන්නේ ස්විස්ටර්ලන්තයට නොවන නිසා කාටවත් කිසිම සැකයක් හට නොගනී. ‘පලාවු’ බලා යන ඇමතිවරයා කරන්නේ කොමිස් මුදල් බැර වී ඇති අදාළ බැංකු ගිණුම වහාම අහෝසි කොට එම මුදල වෙනත් බැංකුවක තැන්පත් කිරීමයි. මෙම අයථා ගනුදෙනුවේ කිසිදු සාක්‍ෂියක් ඉන්පසු ඉතිරි නොවේ. යම් හෙයකින් සැපයුම්කරුවා කාලයකට පසු තමන් ඇමතිවරයාට කොමිස් මුදලක් අදාළ ගිණුමට තැන්පත් කළ බව කිවහොත්, එය සොයා ගැනීමට කිසිවෙකුට නොහැකිය.

ඇමති නිමල් සිරිපාල ද සිල්වාට මෙම අයථා ගනුදෙනු ක‍්‍රමවේදය කියා දී තිබෙන්නේ මියගිය ගාමිණී දිසානායක මහතා සහ ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් බව ඔහු පිළිගනී. මියගිය ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාට කොතරම් වෑයම් කළත් ගාමිණී හෝ ලලිත්ව අල්ලස් දැලට මැදි කර ගැනීමට නොහැකි වූයේ ඒ නිසාය. අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොතරම් වෑයම් කළත් ඇමති නිමල් සිරිපාල ද සිල්වා කොටු කර ගැනීමට නොහැකි වන්නේද මේ නිසාය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මේ පිළිබඳව තවත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් බම්බලපිටියේ ‘නෙශානීස්’ අධිපති අමරරත්න අමරපති මහතාගෙන් ලබාගත හැක. අමරපති මහතා යනු ඇමති නිමල් සිරිපාලද සිල්වාගේ නාලන්ද විද්‍යාලයේ ‘ක්ලාස් මේට්’ය. ඔහු ඇමති නිමල් සිරිපාලද සිල්වා සෞඛ්‍ය ඇමතිව සිටි සමයේදී ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කටයුතු කළ අයෙකි. තාමත් දෙදෙනා ගජ මිතුරන්ය.

8 comments:

Anonymous at: May 12, 2012 at 6:27 PM said...

what about his wife getting tenders through her own company, imported low quality drugs

Anonymous at: May 13, 2012 at 8:45 AM said...

He ran a Mafia in the Health Ministry. His henchmen who too earned commission in this process are the present DGHS, Current Director CDDA, Former DGHS and former MD of SPC

Anonymous at: May 13, 2012 at 10:01 AM said...

Machan,

kawadawat horakam karanna epa, tamanta tiyana vidiyata jivat wenna me tika kalayaka, e kiwwe me jivite kenek gewanne wedima ayusa 70 year. dannawada kenek pariksanayak karala hoyagena tiyanava politics karana aya elaga atme upadinne public toilet wala kiyala. me yana vidiyata Mahindage mulu paramparawamai, anit okkoma desapalakayo Public toilet eka wat labana atme epadunot hodatama eti apayatama yanne netuwa

Anonymous at: May 13, 2012 at 3:25 PM said...

http://www.gossip9.com/2012/05/blog-post_13.html

papa talk about this bugger as well...

Anonymous at: May 13, 2012 at 9:36 PM said...

Indian medical suppliers bribed Nimal siripala in many ways. One such was by awarding an honorary docterate through an indian university. This shit bugger has no shame. He tries to ridicule others with his low graded way of talking. Buthas anyone questioned him how he ran like " archimedies" in his ministry (not in the bathroom saying "eureka")

Anonymous at: May 15, 2012 at 1:31 AM said...

I was referred to your site by my good friend lives in California. It seems like you have missed a very valid point. Our infamous, con-artist former Council General of California, Jeff Goonewardena was the one who took him to Micronesia in 1996 and introduced Fat Nimal to his bank contact in Micronesia, during former president Chandrika's time. It seems Fat Nimal did very well with Jeff's contacts and currently Fat Nimal owns an Island near Malaysia. Now Jeff (52 years old) is in Sri Lanka with his 25 years old Sri Lankan born American wife, working for Nimal and Gota. Hope Sri Lankans will punish all these thieves one day.

Anonymous at: May 17, 2012 at 1:45 PM said...

me rata winasa karana unta unge paramparawatama hena hata gahanna one

Anonymous at: May 19, 2012 at 2:50 PM said...

I will believe you if you publish the account details of ‘පලාවූ’ දූපත්හි ‘මැක්රෝනීෂියා’හි පිහිටි යම් විදේශ ගිණුම.

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7