125x125 Ads

ජයලත් ජයවර්ධනගේ ‘බයිපාස් වාසනා’

වංචා සහ දූෂණ පිළිබඳව ආණ්ඩු පක්‍ෂයේ උදවියටම ඇඟිල්ල දික් නොකොට විපක්‍ෂයේ දේශපාලනඥයින් ආණ්ඩු බලයකින් තොරව වුවද, සිදු කරන වංචනික සහ දූෂණ කි‍්‍රයා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ‘පැපරාසියා’ අදහස් කරයි. එම න්‍යායේ පිහිටමින් පහත හෙළිදරව්ව ‘පැපරාසියා’ සිදු කරන්නේ විපක්‍ෂයේ දූෂකයින් ජනතාවට හෙළිදරව් කිරීම සඳහාය.

මීට මාසයකට හමාරකට ඉහත එංගලන්තයේ ලන්ඩන් - ගැට්වික් ගුවන් තොටුපොළේදී ඉතා අසාධ්‍ය ලෙස රෝගාතුර වූ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතා ඉන් අනතුරුව නැගෙනහිර සරේ රෝහල වෙත රැගෙන යන ලදුව එහිදී ඔහුට ‘විවෘත හෘදය සැත්කමක්’ කළ යුතු බවට නිර්දේශ කරන ලදී.

මෙම විවෘත හෘදය සැත්කම සඳහා දොස්තර ජයලත් ජයවර්ධන මහතා සිය පුද්ගලික මුදලින් ගෙවිය යුතු අතර, ඒ සඳහා බි‍්‍රතාන්‍ය පවුම් 24,000 ක මුදලක් වැය වන බව රෝහල් අධිකාරිය විසින් දැනුම් දී ඇත. මෙය ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලකි. මෙම මුදල ශල්‍යකර්මය කිරීමට ප‍්‍රථම රෝහලට ගෙවීම අනිවාර්ය කොන්දේසියකි. කතාව ආරම්භ වන්නේ එතැනිනි.

පළමුවෙන්ම ජයලත් ජයවර්ධන මහතා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට කතා කොට ඔහු ලවා ජනාධිපතිවරයාට කතා කොට ජනාධිපති අරමුදලින් ඉහත මුදල ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. එහිදී ජනාධිපති අරමුදලින් ජයලත් ජයවර්ධන මහතාට සම්පූර්ණ මුදල නොලැබුණු අතර, ලැබුණේ පවුම් 5,000 ක් පමණි. අදාළ මුදල ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා ඔහු වෙත ලබා දෙන ලදී.

ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාවගේ ‘ඉටු දෙවියෙකු’ ලෙස පෙනී සිටින ජයලත් ජයවර්ධන උදේ සිට ? වන තුරු ලන්ඩනයේ වෙසෙන කෝටිපති දෙමළ ව්‍යාපාරිකයන් හට දුරකතන ඇමතුම් ලබා දෙමින්, තමා මේ කතා කරන්නේ අසරණව රෝහල් ඇද මත සිට බවත්, තමාට මැරෙන්නට ඉඩ දෙනවාද, එසේ නැත්නම් දෙමළ ජනතාවගේ අරගලය වෙනුවෙන් තවදුරටත් ජීවත් කරවනවාද යන්න තීරණය කිරීම දෙමළ ව්‍යාපාරිකයන් වන ඔබ සැමට භාර බව ජයලත් ජයවර්ධන අඬමින් පවසා තිබේ.

ඊට ප‍්‍රතිචාර වශයෙන් බි‍්‍රතාන්‍ය පවුම් තොග ගණන් ජයලත් ජයවර්ධනගේ රෝහල් ඇද මත කොට්ටය යටට ගලා ආවේ ලන්ඩනයේ තේම්ස් නදියේ දිය දහර විලාශයෙනි. පමණක් කෝටිපති දෙමළ ව්‍යාපාරිකයින් ශල්‍යකර්මය සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදලම ඔහුට ලබාදී තිබේ. අවම වශයෙන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු එසේ සම්පූර්ණ මුදලම ලබාදුන් බවට සාක්‍ෂි ඇත. අන් අය පවුම් දාහ, දෙදාහ වශයෙන් සම්මාදම් කොට ලබා දී තිබේ. එසේ එකතු වුණු මුදලින් ජයලත් ජයවර්ධනට ‘බයිපාස්’ සැත්කම් තුන හතරක් කර ගත හැක.

එංගලන්තයේ සේවය කරන ප‍්‍රවීණ දෙමළ හෘද රෝග විශේෂඥයින් සහ ශල්‍ය වෛද්‍යවරුන් තම සේවය නොමිලේම ලබාදීමට ජයලත් ජයවර්ධන මහතාට පොරොන්දු වී ඇත්තේ දෙමළ අරගලයේ සිංහල ‘ඉටු දෙවියා’ බේරා ගැනීම තම යුතුකමක් කොට සලකමිනි. නමුත් ජයලත් ජයවර්ධනට අවශ්‍ය ඔවුන්ගේ සේවය නොව, බි‍්‍රතාන්‍ය රැජිනගේ රුව රැගත් පවුම් නෝට්ටුය.

දෙමළ කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් නොනැවතුනු ජයලත් ජයවර්ධන ඊළඟට ඇමතුම ලබා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා වෙතය. මන්ද යත් දොස්තර ජයලත් ජයවර්ධන මේ වතාවේ ලන්ඩන් පැමිණියේ දයා ගමගේ මහතාට අයත්ව තිබූ හිගුරාන සීනි කම්හල අසාධාරණ ලෙස රජය පවරා ගැනීමේ පැමිණිල්ල පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයාට ඉදිරිපත් කිරීම සඳහා වන බැවිනි.

තමන්ට උදව් කිරීමට ගොස් ජයලත් ජයවර්ධන මරණය අභියස සිටිනු දැක කලබල වන දයා සහ අනෝමා ජයලත් ජයවර්ධනගේ සියලූම වියදම් දැරීමට එකග වේ. ඒ අනුව ලෝකයේ සිටින හොඳම හෘදය විශේෂඥවරයෙක් ප‍්‍රංශයේ සිට එංගලන්තය බලා යවා විශේෂ පහසුකම් සහිත ඇම්බියුලන්ස් රථයකින් ජයලත් ජයවර්ධනව ප‍්‍රංශය කරා රැගෙන යයි. ඒ දක්වා එංගලන්තයේ රෝහල්වලට ගෙවිය යුතු සියලූම බිල්පත් දයා ගමගේ මහතාගේ සොයුරිය විසින් ගෙවා දමනු ලබයි. ජයලත් ජයවර්ධනට සතයක්වත් වියදම් වන්නේ නැත.

පසුව ප‍්‍රංශයට ගොස් විවෘත හෘදය සැත්කමට විකල්පයක් වශයෙන් ඒ හා සමාන හෘදය සැත්කමක් දයා ගමගේ මහතාගේ වියදමින් සිදු කර ගන්නා ජයලත් ජයවර්ධන ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට කතා කොට ජනාධිපති අරමුදලෙන් එවූ පවුම් 5,000 ත් ප‍්‍රංශයට ගෙන්වා ගනු ලබයි. මේ අතරතුර ඉතාලියේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට කතා කරන ජයලත් ජයවර්ධන හැකි පමණින් තමන්ට උපකාර කරන ලෙස දන්වනු ලබයි. එමෙන්ම, බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යංශයට කතා කරන ජයලත් ජයවර්ධන තමන් මරණයට ඉතා ආසන්න බවත්, වහාම බි‍්‍රතාන්‍ය රජයෙන් තම හෘදය සැත්කම සඳහා ආධාර මුදලක් ලබා දෙන ලෙස ඉතා දැඩිව ඉල්ලා සිටී. නමුත් ඔහුට දුරකතනයෙන් පිළිතුරු දෙන බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යංශයේ නිලධාරියා කියා සිටින්නේ, එය එක්වරම කළ නොහැකි අතර ඒ සඳහා කාලයක් ගත වන බවය. ඔහුගේ පිළිතුරෙන් කුපිත වන ජයලත් ජයවර්ධන ‘උඹලා හදන්නේ මං වගේ වටිනා මිනිහෙක් මරලා දාන්නද?’ යනුවෙන් විමසා ඇත.

ප‍්‍රංශයේ සිට හෘද සැත්කමෙන් සුවය ලබා නැවතත් ලන්ඩනයට පැමිණෙන ජයලත් ජයවර්ධන, නැවතත් පරණ සිංදුවම ගායනා කිරීමට පටන් ගනී. සියලූම බිල්පත් නොගෙවන්නේ නම් තමාට ශී‍්‍ර ලංකාව බලා යන නොහැකි ලෙස ආගමන විගමන කටයුතු කරන බවට නැවතත් දෙමළ මිනිසුන් මුලා කරන ජයලත් ජයවර්ධන නැවත වතාවක් සම්මාදම් එකතු කරනු ලබයි. ජයලත් ජයවර්ධනගේ ‘බයිපාස්’ සැත්කමේ අවම ශුද්ධ ලාභය බි‍්‍රතාන්‍ය පවුම් ලක්‍ෂයකට වැඩි වුවහොත් මිස අඩු වන්නේ නැත.

මෙය අද වන විට එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරයා ඇතුළු සියලූම නායකයින් හොඳාකාරවම දන්නා කරුණකි. නමුත් ඔවුන් කිසිවෙක් එලිපිට මේ බව කතා නොකරයි. ඒ වෙනුවෙන් ඔවුන් කරන්නේ ආණ්ඩු පක්‍ෂයේ අය සිදු කරන දූෂණ පමණක් කතා කිරීමයි. පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජය පැවැති සමයේ ඒ-9 මහා මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා සියලූම ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් ජයලත් ජයවර්ධන කොන්ත‍්‍රාත්තුව ලබා දුන්නේ සිය මවගේ කොම්පැණියටය. ඒ කාලයේ හෙද පත්වීමක් ලබා ගැනීමට උදව් ඉල්ලා පැමිණි හෙදියකට එම පත්වීම ලබාදීමට නම් තමා සමග නිදියන්නට එන ලෙස ඉල්ලා තිබුණේ මේ ජයලත් ජයවර්ධනමය. මේ සියලූ තොරතුරු දන්නා රනිල් වික‍්‍රමසිංහ අඳ ගොළු බිහිරෙකු සේ කටයුතු කරමින් සිටී.

‘පැපරාසියා’ පවසන ඉහත කරුණු අසත්‍ය බවට දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභියෝග කරන්නේ නම් සියලූ කරුණු සාක්‍ෂි සහිතව ලංකාවේ නොව ලෝකයේ  ඕනෑම උසාවියක ඔප්පු කර දැක්වීමට ‘පැපරාසියා’ කැමැති බව අවසාන වශයෙන් සඳහන් කරන්නෙමු. 

9 comments:

Anonymous at: May 25, 2012 at 11:06 AM said...

Very good article....will JJ challenge this??

Anonymous at: May 25, 2012 at 1:47 PM said...

he did not use srilankan peoples money-saman

Anonymous at: May 25, 2012 at 5:16 PM said...

At least he didn't use our money, as Kehel gediya kumbukwella or R Pominda de Silva...

Anonymous at: May 25, 2012 at 6:48 PM said...

how could he call all those demala people if he was so sick with a heart attack?
i just recovered from a heart attack and i know for a fact that no one can even open their mouth properly when they go through that.
not to mention calling and crying.
what proof do you have against JJ?

Anonymous at: May 26, 2012 at 4:42 AM said...

ඒ මහින්ද කිව්වද උඹලගේ site එක unblock කරගන්න ඕනෙනං උන්ට කඩේ යන්න කියලා??? :D

Anonymous at: May 26, 2012 at 6:13 AM said...

This is real mud.Pl.dont fabricate lies.He did not use government money like government ministers.If you are sick like JJ, Your family members also asking help from the friends.May be friends are tamil or sinhalese.saman

Anonymous at: May 26, 2012 at 10:50 AM said...

He openly asked help for his sickness.Anyone who has no money will do the same.He didn't ask for bribe.If he had earned money like the ministers , he wouldn't have asked for it. This shows that he is not a corrupt man like the government politicos.Leave this sort of people alone and concentrate on sharks.

Anonymous at: May 27, 2012 at 1:20 AM said...

ජයලත් ජයවර්ධන යනු ලෝක හොරෙක් බව පමා වී හෝ කාට හෝ පෙනීම රටටම යහපතකි. තමන්ගේ බයිපාස් ඔපරේෂන් වෙනුවෙන් එක එකාගෙන් හිඟා කෑමට ජයලත් ජයවර්ධනට කිසිම අවශ්‍යතාවයක් නැත. ඔහුගේ වත්කම් පිලිබඳව මා පෞද්ගලිකව දනිමි. ජයලත් ජයවර්ධන සතුව වෙනත් අයගේ නම්වලින් බාර් දෙකක් ඇත. ජාඇල සහ කදාන ප‍්‍රදේශවල මංගල උත්සව ශාලා දෙකක් ඇත. පරණ බෙන්ස් රථ 06 කට අධික ප‍්‍රමාණයක් තිබේ. එම මෝටර් රථ සියල්ලම විශාල මුදලකට අලෙවි කළ හැකි ඒවායි. එමෙන්ම වතුපිටි රාශියක්ද ජයලත් ජයවර්ධන සතුව පවතී. එම එක් වත්කමක් බැංකුවක ඇපයකට තබා ණය මුදලක් ගෙන මෙම සැත්කම කර ගැනීමට හැකියාව තිබුණි.

නොඑසේ නම් ඔහුගේ නමින්ම ස්වර්ණමහල් ෆයිනෑන්සියල් සර්විස් ආයතනයේ තැන්පත් කර ඇති රුපියල් මිලියන 08 ක ස්ථීර තැන්පතුවෙන් ලෝන් එකක් අරගෙන මේ ඔපරේෂන් එක කළේ නැත්තේ ඇයි? ජයලත් ජයවර්ධනලා බලය නැතුවත් මෙහෙම හම්බ කරනවා නම් බලය ලැබුණු දවසට මොනවා කරාවිද?

- ඉතාලියේ රසිකයෙක්

Anonymous at: June 2, 2012 at 6:52 PM said...

මහින්ද රාජපක්ෂගේ තාත්තා ඉස්සර මන්ත්‍රී වෙලා ඉන්න කාලේ, එයාලගේ ගමේ ළමයෙක් ඕ-ලෙවෙල් පස් උනොත්, ටක් ගාල එන්න කියල, පොඩි රස්සාවක් දෙනවලු; ඔය මුර වැඩක් වගේ.
එකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ අර ළමයා ඉහලට ඉගෙන ගන්න එක වලක්වන එක.
දැන් මහින්ද කරන්නෙත් ඒකම තමයි, මිනිහ රටේ මිනිස්සුන්ගේ දැනුවත් බව, බුද්ධිමත් බව, අඩු කරන්න පුළුවන් තරම් දේවල් කරනවා, අධ්‍යාපනයට වියදම් කරන්නේ, මුළු රටේම වියදමින් 3% කටත් අඩු ගානක්, බලන්න එක ළමයෙක් ඉන්න ගෙදරක, ඒ ළමයට උගන්නන්න, ගෙදර වියදමින්, අඩුම ගානේ, 20% ක්‌ යනවා. රටේ විශ්ව විද්‍යාල වල, පහසුකම් දියුණු කරන්නේ නැ, ඒවාට ගන්න ළමයි ගන වෙඩි කරන්නේ නෑ, S.B.ලට කොමිස් ගහන්න චාන්ස් එක හදල දීල, Private Campus දානවා.ඉන්ටෙර්නෙට් Sensor කරලා, මිනිස්සුන්ට තොරතුරු දැනගැනීම අයිතිය නවත්තනවා...
මුට බෙරිද, රටේ ඉස්කෝලවල, ENGLISH MEDIUM උගන්නන්න,,,, පුලුවන , නමුත් එහෙම English උගත්තු බිහිවුනොත්, මේ වගේ ගොන්නු ටිකක් රටේ ඉතුරු වෙන්නේ නේ..

එතකොට මුට ඕන විදියට නටන්න බා.වෙන රට වල මිනිස්සු එක්ක බැලුවම අපේ මිනිස්සුන්ගේ බුද්ධිමත් කම, සැහෙන්න අඩුයි...අපේ උන් දන්නේ මේ පච වාහිනී දෙක තුනේ කියන දෙයක් තමයි....උන්ට CNN BBC, තියා CHANNEL NEWS ASIAවත් තේරෙන්නේ නේ...මේක සහගහන අපරාදයක්...

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7