පසුගිය සඳුදා (21) හිරෙන් නිදහස් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා හෙට අනිද්දාම නොවැරදී නැවතත් හිර ගෙදරට යන බව ‘පැපරාසියා’ට කල් තබා පැවසිය හැක. මෙවර ඔහු හිරගෙට යන්නේ එක්කෝ වෙඩි තැබීමේ චෝදනාවකට හෝ පහරදීමේ චෝදනාවකටය. ජෙනරාල් ෆොන්සේකා මහතා එසේ වෙඩි තබන්නේ හෝ පහර දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතාටය. එම දිනය වැඩි ඈතක නොවේ.
ජෙනරාල්ගේ දුවලා දෙන්නා නොවන්නට ටිරාන් මේ වන විටත් ජෙනරාල්ගෙන් ගුටි කා හමාරය. මේ බව දන්නා ටිරාන් ජෙනරාල් නිදහස්වීමට කලින් ජනාධිපතිට සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පින්සෙන්ඩු වී ජෙනරාල්ගේ දුවලා දෙන්නාව ඇමරිකාවේ සිට ගෙන්වා ගන්නා ලදී. ජෙනරාල්තුමා ඔහුගේ බිරිඳ වන අනෝමාව තුට්ටුවකට ගණන් නොගනී. ටිරාන් ඒ බව හොඳින් දන්නා නිසා තාත්තාව මෙල්ල කිරීමට දුවලා දෙන්නාව යොදා ගනී. ජෙනරාල්තුමා දියණියන් දෙදෙනාට සිය පණ මෙන් ආදරය කරයි.
ටිරාන් දැන් ෆුල් ට‍්‍රයි කරන්නේ දුවලා දෙන්නා දෙපැත්තේ තබා බල කරවමින් ජෙනරාල්තුමාව ආණ්ඩුවට සෙට් කිරීමටය. එසේ සෙට් කිරීම තුළින් ජෙනරාල් ෆොන්සේකාව දේශපාලන වශයෙන් භූමිදානය කිරීමේ කොන්ත‍්‍රාත්තුව ටිරාන් භාර ගෙන ඇත. ඒ සඳහා ටිරාන්ට දිරිය-විරිය සපයන්නේ සජිත් පේ‍්‍රමදාස බේබිය.
සජිත් පේ‍්‍රමදාස ‘බේබි පාට්’ දැම්මාට එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහුට ක්‍ෂණික බාධකයක්ව පැවැති කරූ ජයසූරිය සති කිහිපයක් තුළ දේශපාලන වශයෙන් අනාථ කොට පින්නවල අලි අනාථාගාරයට දැක්වූයේය. සජිත් බේබිට ඊළඟට දේශපාලන වශයෙන් පවතින විශාල බාධාව වනුයේ ජෙනරාල් සරත් ෆොන්සේකාය. දැනටමත් ඔහු ජෙනරාල්තුමාට ‘පුරෝගාමී නායකයා’ වශයෙන් අන්තට්ටුවක් පළඳවා හමාරය. කරූට කළ දේ සජිත් හෙට කරන්නේ ජෙනරාල්ටය. ටිරාන්ද එහි පංගුකාරයෙකි.
මහින්ද රාජපක්‍ෂ යනු තවමත් ශී‍්‍ර ලංකාවේ අංක එකේ දේශපාලන නූල් සූත්තරකාරයාය. රනිල් වික‍්‍රමසිංහලාට මංගල සමරවීරලාට ඔහු සමග හැරෙන්නවත් බැරිය. මහින්ද රාජපක්‍ෂ ඇමරිකාවත් සතුටු කරමින්, සිංහල දේශපේ‍්‍රමී ජනතාවත් සතුටු කරමින් යුද වීරයා නිදහස් කළේය. යුද වීරයා අද එළිමහනේ අනාථ වී තිබේ. මහින්ද ගහපු ගැටයට සරත් ෆොන්සේකා එහෙම්පිටින්ම අහු වුණේය. එයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු තැනැත්තා ටිරාන් අලස්ය. ‘‘ටිරාන් අයියා හරි හොඳයි තාත්ති’’ කියමින් දියණියන් දෙදෙනා ජෙනරාල්වරයා අසල ගැවසේ. නැත්නම් මෙලහකටත් ටිරාන් කපෝතිය.
අද ජෙනරාල්වරයා යනු තමාගේ හොර නඩු තීන්දු පිළිගත් වින්දිතයෙකි. ජෙනරාල්වරයාත්, රත්නපුර දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් අප්පොත් අද එකම ජාතියේ අයවලූන්ය. දෙදෙනාම තමන්ගේ ඉතිරි දඬුවම් කාලය ජනාධිපති ලවා ‘කැන්සල්’ කරවාගෙන එළියට පැමිණි දෙපළකි.
ජෙනරාල්තුමා, ජනාධිපතිතුමාගේ නූල් සූත්තර දේශපාලනයට මුහුණ දෙන ආකාරය පිළිබඳව රනිල් වික‍්‍රමසිංහගෙන් ටියුෂන් ගත යුතුය. රනිල් වික‍්‍රමසිංහ ජෙනරාල් ඡන්දය පැරදුන දවසේ මහින්දට සුබපතා ‘ජනාධිපතිවරණයෙන් ඔයත් දිනුම්, මමත් දිනුම්’ කියා එදා රාති‍්‍රයේ හොඳට පොරවා ගෙන ගෙදරට වී නිදා ගත්තේ ඒ නිසාය.
Subscribe to:
Post Comments (Atom)






2 comments:
Well written Paparasi.. Excellent plot for a Deemon Ananada type thriller.. Long live Paparasi...
This is really bullshit storry. Just ignore it. R-Australia
Post a Comment