125x125 Ads

ජැකාගේ ඉඳුල් වළඳපු අපේ පන්සලේ හිටපු නායක හාමුදුරුවන්ට දායකයෙකුගෙන් සංදේශයක්

මම ජීවත් වෙලා ඉන්නේ එංගලන්තයේ ලෙච්වර්ත් විහාරය ආසන්නයේ. ලංකාවේ පුරුද්දට අපි ලෙච්වර්ත් පන්සලට කියන්නේ ‘අපේ ගමේ පන්සල’ කියලා. මම එංගලන්තයේ ආපු දවසේ ඉදලම ලෙච්වර්ත් පන්සලත් එක්ක බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. ඒ කාලේ ඒ පන්සලේ වැඩ හිටපු සුබෝධි හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, කුසල ධම්ම හාමුදුරුවො අපිත් එක්ක හරි හිතවත්. අපි ශිෂ්‍යයො කාලෙ ලංකාවේ විදිහට කටට රහට කෑම ටිකක් කන්න හැම සති අන්තයකම ලෙච්වර්ත් පන්සලට යනවා. දිනපතාම මැක්ඩොනල්ඞ්, කේ.එෆ්.සී. නැත්තම් සෑම් චිකන් කන අපිට මැල්ලූමක් පරිප්පු හොද්දක් එක්ක උණු උණුවේ බත් හදලා දෙන්නේ ලෙච්වර්ත් පන්සලේ හාමුදුරුවරුමයි.

ඒ කාලේ අපි හාමුදුරුවරුන්ට දානෙ දුන්නෙ නෑ. උන්වහන්සේලා අපිට උන්වහන්සේලාගේ දානය දන් දුන්නා. ලෙච්වර්ත් පන්සලේ හිටපු හැම හාමුදුරු කෙනෙක්ම අපේ ජීවිතවල කොටසක් බවට පත් වුණා. පමණක් වෙලාවට අපි පවුම් දහය පහළවත් උන්වහන්සේලාගෙන් ඉල්ල ගන්නවා. පන්සලේ කඨින පිංකම් කාලෙට අපි පන්සලේ පදිංචි වෙනවා.

මේ හැම හාමුදුරුවරු අතරින් නාහල්ලේ රාහුල හාමුදුරුවො අපට විශේෂයි. උන්වහන්සේ අපේ වයසෙමයි. උන්වහන්සේ ඉතාම විනීත ගතිපැවතුම් ඇති ධර්මධර, ශීලධර භික්‍ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ තුළ තිබිච්ච උට්ඨානවීර්යය සහ නොපසුබස්නා උත්සාහය ඇදහිය නොහැකි තරම්. ලෙච්වර්ත් පන්සලේ භාරකාරවරිය වන ලතා ගුණතුංග නෝනා පන්සල ආරම්භ කරන්න රාහුල හාමුදුරුවො එංගලන්තෙට ගෙන්න ගන්නකොට උන්වහන්සේට ඉංගී‍්‍රසි වචනයක්වත් බෑ. පස්සේ ලතා නෝනා උන්වහන්සේව ඉස්කෝලෙකට යවලා ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවක් කරවලා අන්තිමේ රාහුල හාමුදුරුවො නැවතුනේ ඉතාම චතුර අන්දමින් ඉංගී‍්‍රසි භාෂාවෙන් බණ දේශනා කරන්න පුළුවන් ශී‍්‍ර ලංකාවේ හොඳම භික්‍ෂූන් කිහිපදෙනා අතරය.

ඔන්න ඔය කාලෙ තමයි පන්සලේ පරිපාලනය සම්බන්ධයෙන් විවිධ ගැටලූ මතු වුණේ. ලතා නෝනා එක එක කෙනහිලිකම් රාහුල හාමුදුරුවන්ට කරන්න පටන් ගත්තා. සුබෝධි හාමුදුරුවන්ව පන්සලෙන් එළව ගත්තා. අපේ රාහුල හාමුදුරුවො ඒ හැම දේකටම සැබෑ බුද්ධ පුත‍්‍රයෙකු ලෙස අකම්පිතව, අචංචලව මුහුණ දුන්නා. මට තාමත් මතකයි උන්වහන්සේ ලතා නෝනාට පන්සලේ ප‍්‍රශ්න සම්බන්ධව යවපු ලියමන. ඒ ලිපිය කියවපු අපි හැම එක්කෙනාම රාහුල හාමුදුරුවන් පිළිබඳව පැහැදුනේ උන්වහන්සේගේ තියෙන බහුශ‍්‍රතභාවය පිළිබඳ සද්ධාවෙන්.

ඔය කාලේ තමයි අපේ රාහුල හාමුදුරුවෝ ‘පේස් බුක්’ සෙල්ලම පටන් ගත්තේ. අන්තිමට සෙල්ලම ඉවර වුණේ අපේ රාහුල හාමුදුරුවො ධම්මික පුෂ්පකුමාර බවට පත්වෙලා. ඒ පිළිබඳව අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. චීවරේ දාගෙන නොසන්ඩාල වැඩ කරනවාට වඩා චීවරේ අතෑරලා ‘ලෞකික නිර්වාණය’ හොයා ගෙන යෑම උන්වහන්සේගේ අයිතියක්. ඒත් තාම අපිට රාහුල හාමුදුරුවන්ට ‘මචං ධම්මික’ කියන්න දිව නැමෙන්නේ නෑ. පහුගිය මාසෙ උන්වහන්සෙයි මායි එක්තරා ශී‍්‍ර ලාංකික උත්සවයකදී මූණට මූණ මුලිච්චි වුණත් මම උන්වහන්සේව මඟ ඇරලා ගියේ හිතාමතාමයි.

ධම්මික පුෂ්ප කුමාර කසාද බැන්දේ කාවද කියන එක දැන් අපි හැමෝම දන්නවා. දිනුෂා රාජපතිරණට එංගලන්තයේ පන්සලක හාමුදුරු කෙනෙක්ම ආනයනය කරන්න සිද්ධ වුණේ කවුරු නිසාද කියලත් දැන් මුළු ලෝකයම දන්නවා. ‘ජැකා’ දැන් සැනසුම් සුසුම් හෙළනවා ඇති තමන්ගේ උරචක්කරමාලාව හාමුදුරු කෙනෙක් කරේ දාගත්තා කියලා හිතලා. මූ පන්සිල් ගන්න කතෝලිකයෙක් බවට පත් වුණේ තමන්ගේ ඉඳුල් හාමුදුරුවරුන්ට වැළඳවීමේ චේතනාවෙන් බව දැන් ඉතා පැහැදිලියි.

අපිට තියෙන එකම දුක මහා බි‍්‍රතාන්‍යයේ ඊළඟට ප‍්‍රධාන සංඝනායක ධූරය හෙබවීමට සිටි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් අපට අහිමිවීමයි. පහුගියදාක පැවැත්වුණු ධම්මික පුෂ්ප කුමාර - දිනූෂා රාජපතිරණ විවාහ මංගල්‍යයේ සේයා රූ දැකපු අපිට හිතුනේ අපේ හාමුදුරුවො ටෙලි නාට්‍යයක රඟපානවද කියලයි. ඒ සේයා රූ අතරින් ඊට කලින් ගත්ත එක සේයා රුවක් අපේ හදවතේ සැබෑවටම සනිටුහන් වුණා. ඒක තමයි ධම්මික පුෂ්ප කුමාර ගිහි ඇඳුමින් භාවනා කරමින් සිටින ඡායාරූපය. මට ඒ වෙලාවේ එක පාරටම මතක් වුණේ මීට අවුරුදු 20 කට 25 කට ඉස්සර නරඹපු ‘සතර පෙර නිමිති’ චිත‍්‍රපටයයි. ධම්මික පුෂ්ප කුමාර රඟන්නෙත් ඒ චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාව කියලා මට නිකමට හිතුනා. කෙසේ වුණත් ධම්මික පුෂ්ප කුමාරටත් ඔහුගේ අත ගත් මනාලියටත්, මනමාලියගේ පරණ භාරකාරයාටත් අපි තෙරුවන් සරණ පතන්නෙමු.

13 comments:

Anonymous at: June 22, 2012 at 3:19 PM said...

Andenawa machan..! Jakson wal balla, saha Dinusha wesi,,, umbalata saha gahanawa...
Papa; Jaka ge keruwawa gena wenama lipiyak liyanna

Menna thawa topics,
Sudarman Radaliyagoda,
Eliyantha white,
A sobitha
Nayana Kumari
Wimal weerawansa
champika ranawaka
Keheliya

Anonymous at: June 23, 2012 at 5:06 AM said...

Api niyama Baudhdhayan hatiyata Budhurajanan wahanse wadala paridi, asin nodutu deyak wishwasa nokara imu. Kawuru kohoma keewath api kawuruth dakala naha Dinusha saha Jaka ekata budiyagannawa, eay nisa apita kiyanna baha owun item ekak kiyala. Anith athata cheewaraya porawagena ratey thiyana walkam balukam karana pawiddanta wada mey manussayata kondak thiyenawa.

Anonymous at: June 23, 2012 at 8:06 AM said...

පන්සලේ දායක කොල්ලට වචනයක්!මහත්තයො ආගම් වාදයක් අදින්න එපා,ක්‍රිස්තියානු එවුන් කාපුව බුද්ධාගමෙ එවුනුත් කනව බුද්ධාගමෙ එවුන් කාපුව ක්‍රිස්තියානු එවුනුත් කනව ඒ ගේම හැම එකාම දෙනව!තව එකක් උඹට කියන්න තියෙනව ඔය හාමුදුරුවො කෑවෙ තොපි,තොපි පන්සලේ ලැගල හාමුදුරුවන්ට ගේම දීල දැන් සුදනො වෙන්න යනව,තොපිත් අපායට යනව.

Anonymous at: June 23, 2012 at 12:21 PM said...

hamuduruwaru heeraluwo wela kasada badinawa thamai.eth.. apia pudume sasara kalakirunu me pudgalaya ara wage kada katak thiyena, moda choon adahas thiyena, wanachara balum helana nattichchiyekuta rawatuna ekatai.

Anonymous at: June 23, 2012 at 1:03 PM said...

මචං එක එකාගෙ කැමත්ත වෙනස්,හොඳ බෝනික්කො බැඳපු එවුන් පිට ගිහින් සල්ලිවලට බඩු ගහනව,හොඳ සරාගී ඒව බැඳපු ඒවුන් චුන් එකේ සල්ලිත් ඉතුරු කරගෙන ගෙදරම ඉඳන් සැප ගන්නව.

Anonymous at: June 23, 2012 at 2:33 PM said...

මේක නම් පට්ට නිව්ස් එකක් - Anonymous at: June 23, 2012 8:06 AM said.. දාල තියෙන්නේ ජැකා වෙන්න ඕන

Anonymous at: June 23, 2012 at 7:07 PM said...

rahula hamuduruwo dammika pushpakuumara uoo wagai.
putha rahula psupasa nobalan, idiriya balan.

{ rawana } at: June 24, 2012 at 2:40 AM said...

niyamayi papa.uba nam marai ban

Anonymous at: June 25, 2012 at 6:16 PM said...

http://www.letchworthtemple.com/event_w.php?index=1

Anonymous at: June 25, 2012 at 7:25 PM said...

oyita hodi ammata hikuwana huttige puttha

Anonymous at: June 26, 2012 at 10:34 AM said...

http://newfreegamesdownload.blogspot.com/

Anonymous at: July 17, 2012 at 12:25 PM said...

This news only published by your site,
no one knows about this facts
this is a horrible information and couldnt belive
but the fact is all the information published by u become a truth oneday

Anonymous at: July 28, 2012 at 10:49 AM said...

Mu sivure watinakama saha wagakeema danne netiwa munichchawata, tamunge wade kerenakal hitapu ekek. R-Australia

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7