පසුගිය 23 වන සඳුදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගැනුනු ‘ශී‍්‍ර ලංකා මිරර්’ සහ ‘ශී‍්‍ර ලංකා එක්ස් නිව්ස්’ පිළිබඳ නඩුවේදී රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අදාළ වෙබ් අඩවි කාර්යාලවල තිබී අත්අඩංගුවට ගත් කොම්පියුටර්වල ‘‘ෆර්නෝ ග‍්‍රැෆී මැටීරියල්ස්’’ නොහොත් අසභ්‍ය කරුණු ඇතුළත් දත්තයන් තිබුණු බවයි.
එම චෝදනාව ඇසුණු විගසම ‘පැපරාසියා’ට සිතුනේ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මැතිතුමා බුදු බණ නොදැන සිටින බවයි. බුදු බණ දැන සිටියත් එය ප‍්‍රායෝගිකව ගලපා ගැනීමට එතුමාට ඇති නොහැකියාව ගැන අප පුදුම වන්නේ නැත. වැඩිදුර වාර්තාව කියවූ විගසම ඔහුට මතක් විය යුතුව තිබුණේ බුදුන් වහන්සේ කිසාගෝතමියට කියූ වදන්ය. ‘‘නැඟනිය... ඔබගේ දරුවා සුවපත් කිරීමට නම් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්නැයි’’ කියූ ආකාරයට ‘‘පොලිස් පරීක්‍ෂකවරයාණනි, ෆර්නෝ ග‍්‍රැෆී නොබැලූ කොම්පියුටරයක් මේ ශී‍්‍ර ලංකාවේ හෝ ශී‍්‍ර ලංකාවෙන් එපිට ඕනෑම රටකින් ඔබ මා හට ඉදිරිපත් කළ හොත් මෙම සියලූම චූදිතයන් සදාකාලික සිරගෙට නියම කරමි’’ යනුවෙන් පැවසීමට තරම් නිර්මාණාත්මක දැනුමක් ගරු මහේස්ත‍්‍රාත්වරයා සතුව තිබුණේ නැත.
නමුත්, මෙම පුවත එසැණින් පුවතක් ලෙස පළ කළ ‘ලංකාදීප’යේ නිව්ස් එකට කමෙන්ට් එකක් දැමූ පාඨකයෙකු ලියා තිබුණේ, ‘‘තමා සතුව කොම්පියුටර් හතරක් ඇති බවත්, යම් හෙයකින් කවරෙකු හෝ අසභ්‍ය දෑ නොබැලූ කම්පියුටරයක් තමා වෙත ගෙන ආවොත් තමන්ගේ කම්පියුටර් හතරම තෑගි දෙන බවයි.’’ එය කියවූ ‘පැපරාසියා’ට හිතුනේ මහේස්ත‍්‍රාත් ලෙස පත්වීමක් ලැබීමට තිබුණේ අදාළ පාඨකයාට බවයි. විහිළුකාරයින්ගේ චෝදනාවලට සීරියස් නොවී උත්තර දිය යුත්තේද එවැනිම වූ විහිළුවකිනි.
Subscribe to:
Post Comments (Atom)






5 comments:
නැහැ පැපා උඹයි පටලවාගෙන තියන්නෙ
…
…PC එකක් ජීවිතේට දැකපු නැති උන් set එකක් ඉන්නෙ පොලීසි වල
…
…උන් තාම වැඩ කරන්නෙ type writers වල
…
…එක පොලීසියකට එක …PC එකක්වත් නැති ඒව ලන්කාවෙ ඕනෙ තරම් තියනව
http://goo.gl/CS5Bo
Set eka update naha. ekai.
ponnayo wage news danna epa banz...
http://newfreegamesdownload.blogspot.com/
Post a Comment