මම ජීවත් වෙලා ඉන්නේ එංගලන්තයේ ලෙච්වර්ත් විහාරය ආසන්නයේ. ලංකාවේ පුරුද්දට අපි ලෙච්වර්ත් පන්සලට කියන්නේ ‘අපේ ගමේ පන්සල’ කියලා. මම එංගලන්තයේ ආපු දවසේ ඉදලම ලෙච්වර්ත් පන්සලත් එක්ක බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. ඒ කාලේ ඒ පන්සලේ වැඩ හිටපු සුබෝධි හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, කුසල ධම්ම හාමුදුරුවො අපිත් එක්ක හරි හිතවත්. අපි ශිෂ්‍යයො කාලෙ ලංකාවේ විදිහට කටට රහට කෑම ටිකක් කන්න හැම සති අන්තයකම ලෙච්වර්ත් පන්සලට යනවා. දිනපතාම මැක්ඩොනල්ඞ්, කේ.එෆ්.සී. නැත්තම් සෑම් චිකන් කන අපිට මැල්ලූමක් පරිප්පු හොද්දක් එක්ක උණු උණුවේ බත් හදලා දෙන්නේ ලෙච්වර්ත් පන්සලේ හාමුදුරුවරුමයි.
Read more »
සුගත් සමරකෝන්ගේ ‘බබා ටෝක්’
‘විජය-කුවේණි’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක සුගත් සමරකෝන් ඊයේ (17) ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත්තේ විජය-කුවේණි චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය වන දුලානි අනුරාධාගේ ‘යට ඇඳුම’ පෙනෙන දර්ශනය පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත්, එය ඉතා කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් බවත් මෙම දර්ශනය චිත‍්‍රපටයට ඇතුළු වූයේ කෙසේදැයි තමා පරීක්‍ෂණයක් කරමින් සිටින බවත්ය.
Read more »
Subscribe to:
Posts (Atom)






