මේක පොඞ්ඩක් පරණ කතාවක්. ඒත් ‘හංස’ සංදේශයේ කියලා තියෙනවානෙ ‘නොව පැරණිය - වන රමණිය විටින් විට’ කියලා. මේකයි සීන් එක.
මේක සිද්ධ වුණේ ඇමරිකාවේ. මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඇමෙරිකාවේ දැන් ඉන්න ජාලිය වික‍්‍රමසූරිය මහත්තයා තානාපති වෙච්ච අලූත. ඒ කාලෙ අපේ තානාපති කාර්යාලයේ උදවිය ජාලිය දිහා බලලා ඇහුවෙ, ‘කොහෙන්ද යකෝ මේකා හොයා ගත්තේ?’ කියලා. තව සමහරු කිව්වා, ‘ෂුවර් එකටම මූ බෙලිඅත්තෙ පොල් කඩපු එකෙක්’ කියලා. ආයිත් සමහරු කිව්වා, ‘මේකා මර්වින් සිල්වා එක්ක සමූපකාරෙ බඩු කිරපු එකෙක්’ කියලා. මිනිස්සුන්ගේ කතාවල ඇත්තක් තියෙනවා කියලා හිතෙන්නෙ මේ කතාව ඇහුවට පස්සෙ.
තානාපති වෙච්ච අලූත ජනාධිපතිතුමාගෙන් ලකුණු දා ගන්න ජාලිය එකසිය ගාණට වැඩලූ. ඇමෙරිකන් ඉන්වෙස්ටර්ස්ලා ලංකාවට ගෙනියන්න මිනිහා ගජරාමෙට වැඩ. ඔය අතරේ ඇමෙරිකාවේ පදිංචි ජපන් කට්ටියකුත් මිනිහට මුණ ගැහිලා. ජපන් කට්ටිය හරිම සංග‍්‍රහශීලී උදවිය බව අපි කවුරුත් දන්නවා. තානාපතිතුමා එක්ක මීටින් එකෙන් පස්සෙ ජපන් කට්ටිය ජාලියට කෑමකට ආරාධනා කරලා තියෙනවා. ජාලියත් ඉතින් හෙන පොර වගේ කිව්වලූ ‘අයි රියලි එන්ජෝයි ජැපනීස් ෆුඞ්ස්’ (මම හරිම කැමතියි ජපන් කෑමට) කියලා. මෑන්ට ජැපනීසුයි, චයිනීසුයි මාරු වෙලා.
ඔයින් මෙයින් ජැපනීස් රෙස්ටුරෙන්ට් එකට ගියා කියමුකො. ජපන් ජාතිකයො මෙනූ කාඞ් එක දීලා ජාලියට කෑම තෝරන්න කියලා. කෝකටත් කියලා ජාලිය එම්බසියේ වැඩ කරන දෙන්නෙකුත් එක්කගෙන ගිහිල්ලා. මෙනූ එකේ තියෙන ඒවා මෙලෝ දෙයක් ජාලියට තේරෙන්නේ නෑ. ජාලිය උඩ බිම බල බල ඉන්න කොට ජපන් ජාතිකයා අහලා තියෙනවා, ‘සෂිමි’ (අමු මාළු) හදන්නෙ උඹලගෙ රටේ ‘ටූනා’ මාළුවාගෙන්. (කෙළවල්ලා) උඹ කැමැති නම් ඒක ට‍්‍රයි කරලා බලපන් කියලා. ජාලියත් ඉතින් පොර වගේ කිව්වලූ ‘ ඕ........ සෂිමි ඊස් මයි ෆේවරිට්’ (මම කැමතිම දේ සෂිමි) කියලා.
ජපන් ජාතිකයා කට්ටියටම ලංකාවෙ මාළුන්ගෙන් හදන ‘සෂිමි’ ඕඩර් කරලා. කෑමට කලින් කට්ටිය ‘සකේ’ (ධාන්‍යවලින් සදා ගන්නා සම්ප‍්‍රදායික ජපන් බීමකි) බොන අතරතුර, වේටර්ලා ‘සෂිමි’ ඕඩරය අරන් ඇවිල්ලා. ජාලිය අප්පිරියාවෙන් වගේ ‘සෂිමි’ එක දිහා බලලා ළඟ හිටපු එම්බසියේ ඔෆිසර්ගෙන් ඇහුවලූ, ‘අයිසෙ මේ මාළු උයලා නැහැ නේද? කොහොමද ඕයි උයපු නැති මඟුල් කන්නෙ?’ එම්බසියේ ඔෆිසර් හිනාව තද කරගෙන කිව්වලූ, ‘සර්... සෂිමි කියන්නේ අමුමාළුවලට. ඒවා කන්න ඕනෙ ‘වසබි’ එක්ක’ කියලා. ජාලියට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑලූ. ටික වෙලාවක් පිගාන දිහා බලන් ඉදලා ආයිත් එම්බසියේ ඔෆිසර්ට කිව්වලූ වේටර්ට කියන්න කියලා, ‘තානාපතිතුමා කියනවා මේ මාළු කෑල්ල ටිකක් තම්බලා හරි බැදලා හරි ගේන්න’ කියලා.
එම්බසිඩර්ව අනිත් අය ඉස්සරහ නෝන්ඩි කරන්න බැරි නිසා ඔෆිසර් කරලා තියෙන්නේ තානාපතිතුමාගේ බඬේ අප්සට් එකක් කියලා වෙන දෙයක් ඕඩර් කරලා. වෙච්ච නෝන්ඩිය වහගන්න දැන් ජාලිය එක එක කයිවාරු ගහනවාලූ. ‘මම ලංකාවෙදි සෂිමි කාලා තියෙන්නෙ කිරට - මිරිසට නැත්නම් තෙලට’ කිව්වලූ. ඒක අහන් හිටපු ජපන් ජාතිකයා කිව්වලූ, ‘ඊළඟ පාර ලංකාවට ගියාම මාත් ට‍්‍රයි කරලා බලන්න ඕනෙ’ කියලා. එදයින් මෙදා ඇමෙරිකාවට අලූත් ප‍්‍රස්ථා පිරුළක් එකතු වුණාලූ ‘ජාලිය සෂිමි කෑව වගේ’ කියලා.
ජාලිය වික‍්‍රමසූරිය ‘සෂිමි’ කෑවා වගේ - ඇමෙරිකානු ප‍්‍රස්ථා පිරුළකි !
Posted by
Paparasi News
Tuesday, January 22, 2013
Subscribe to:
Post Comments (Atom)





8 comments:
ලයිට් සෝය සෝස් තවරාගෙන වසබි ස්වල්පයක් මුහුකරගෙන තමයි ශශිමි කන්නෙ.ටයි කෝට් දාගෙන හිටියට බිඩේ එකේ කක්ක කරපු උන්දල කී දෙනෙක් නම් ඉන්නවද.?
අනේ හුකේ මේවාගේ උන් තම්ය් ලන්කාව නියෝජනය කරන්නෙ
ජාලිය කියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති අමුම අමු කාලකන්නි තිරිසනෙක්. ඌ ඔතෙන්ට ආවේ උගේ ලොකු බාප්පොච්චි වෙච්චි මහින්දගේ පිහිටෙන්. මුන් රටට කරන හානිය කියල නිමක් නැහැ.
බෙලිඅත්තෙ පොල් කඩපු එකෙක් LOL
ane kariyo nikan mada gahane natuwa gedara ghin ammata hikuwanam mokada wenne
Jaliya wick is an asshole. No one respects him. Not even his wife. His wife sleeps with kohona.
නියම ලිපියක් මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න http://www.hotandfastnews.com/
Yako, danne nathuwa boru katha hadanna epa. His wife is a respectable lady.
Post a Comment